EPF විකුණපු හේමාස් කොටස් ගත්තේ ටෙම්පල්ටන් අරමුදලද ?

    July, 2, 2014

    හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 33.5 ක් කොටසක් රුපියල් 45 ක් බැගින් අද උදෑසන ගිවිසගත් ගනුදෙනුවක් (crossings) ලෙස විකුණා තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදල හා තවත් පාර්ශවයක් බව අනාවරණය වේ.

    මෙම මිලදීගැනීම කර තිබෙන්නේ ටෙම්පල්ටන් නැමති විදේශීය අරමුදල විසින් යැයි මේ වනවිට රාවයක් පවතී

    සේවක අර්ථ සාධක අරමුදල සතුව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 27.2 ක් හෙවත් සමාගමේ සියයට 5.29 ක කොටස් ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කොටස් මිලියන 6.6 ක් හෙවත් සියයට 1.29 ක කොටස් ප්‍රමාණයක් තිබුණි.