EXCLUSIVE – AIG රක්ෂණ සමාගම ලංකාවේ මෙහෙයුම් අත්හැර දමයි

    June, 12, 2014

    EXCLUSIVE - රටවල් රැසක මෙහෙයුම් කටයුතු සිදුකරන ලෝකයේ දැවැන්ත රක්ෂණ සමාගමක් වන AIG රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බවත් මේ හමුවේ සමාගමේ මෙරට රක්ෂිතයින් හා සේවකයින් දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව තිබෙන බවත් ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අප වෙත අනාවරණය වේ.

    ලෝකය පුරා විහිදුණු සමාගමේ මෙහෙයුම් කටයුතු වලින් සමාගමට එතරම් ඵලදායී නොවන ව්‍යාපාරික කටයුතු අත්හැර දැමීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකාව තුළ සිදුකළ ව්‍යාපාරික කටයුතු අත්හැර දමන්නේ මෙම පදනමට අනුවයි.

    අප වෙත අනාවරණය වන ආකාරයට විදේශීය නියෝජිතයින් කොළඹට පැමිණ මේ පිළිබඳව සමාගමේ කොළඹ නියෝජිතයින්ට දැනුම් දී ඇත.

    මෙවන් වාතාවරණයක් තුළ AIG රක්ෂණ සමාගමේ මෙරට ශාඛාවේ සේවය කළ සේවකයින් හා සමාගමේ මෙරට රක්ෂිතයින් දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව තිබෙන්නේ ඔවුන් වෙනුවෙන් සමාගම ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව තවමත් අනාවරණය නොවීම නිසයි.

    Video Story

    Stock Market

    Exchange Rates