Finlays Colombo ලොකු පුටුව සෙලවේ

    July, 10, 2014

    ෆින්ලේස් කලම්බෝ පී.එල්.සී. සමාගමේ (Finlays Colombo PLC ) වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා ජූලි 14 වනදා එම ධුරයෙන් සමුගන්නා අතර ඒ සඳහා නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු පත්කර තිබේ.

    මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන Samuel Compton Swire ධුරයෙන් සමුගන්නා බවත් ඒ සඳහා Alexander Christian Nicolas Johansen නැමැත්තා පත්කර තිබෙන බවයි.

    කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් සමුගන්නා Samuel Compton Swire එංගලන්තයේ පිහිටි මව් සමාගමේ ප්‍රධාන මූලස්ථානයේ සේවය සඳහා යනබව සඳහන්ය.

    ෆින්ලේස් කලම්බෝ පී.එල්.සී. පවසා තිබෙන්නේ සමාගමේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වූ කුමාර් ජයසූරිය මහතා තවදුරටත් සමාගමේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවයි.

    ෆින්ලේස් කලම්බෝ පී.එල්.සී. සමාගම 1893 වසරේ සිට ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරන සමාගම් සමූහයක් වන අතර තේ වෙළඳාම ඇතුළු ව්‍යාපාරික කටයුතු මෙම සමූහය විසින් සිදුකරයි.