Government Physiotherapy Officers’ – Premier League 2024 සඳහා Crampgard Plus ශක්තියක් වෙයි

    March, 26, 2024

    ශ්‍රී ලංකා රජයේ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා සංවිධානය කරන ලද Government Physiotherapy Officers’ - Premier League 2024 ක්‍රිකට් තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා Link Natural විසින් හඳුන්වා දී ඇති Crampgard Plus මස්පිඬු පෙරළීම වැළැක්වීමේ ඖෂධීය නිෂ්පාදනය විසින් සුවිශාල මෙහෙයක් ඉටු කරන ලදි. මෙහිදී Crampgard Plus වෙතින් ලද මූල්‍ය දායකත්වය යටතේ රට පුරා විසිරී සිටින භෞතචිකිත්සකවරුන් 200කට අධික පිරිසකගේ සුහදතාවය වර්ධනය කරන විනෝදාත්මක හමුවක් පැවැත්වීමට හැකි වූවා සේම දේශීය නවෝත්පාදන ආයතනවලට අයත් සුවිශේෂී සන්නාමයක් වන Link Natural සහ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය අතර ශක්තිමත් සම්බන්ධයක් ගොඩනංවා ගැනීමට ද හැකි විය.

    Government Physiotherapy Officers’ - Premier League 2024 ක්‍රිකට් තරඟාවලියේ සංවිධාන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් සිදු කරන ලද Crampgard Plus තරඟාවලියට සහභාගි වූවන්ට සහ නරඹන්නන්ට අමතක නොවන නැවුම් අත්දැකීම් රැසක් සමීප කිරීමට සමත් විය. එසේම රට පුරා විසිරී සිටින 200කට ආසන්න භෞතචිකිත්සක නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වීමෙන් සිය නිෂ්පාදනය සහ සන්නාමය පිළිබඳව සාර්ථක වෘත්තිකයන් පිරිසකට පුළුල් දැනුම්වත් භාවයක් ලබා දීමට ද මෙය වේදිකාවක් විය.

    සෞඛ්‍ය අංශය තුළ සුවිශේෂී මෙහෙයක් සිදු කරන වගකීම් සහගත කණ්ඩායමක් ලෙස භෞතචිකිත්සකවරු හැඳින්විය හැකිය. මිනිස් ශරීරයේ චලන ක්‍රියාකාරිත්වයන් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමටත් විශේෂයෙන් විවිධ ශල්‍යකර්මයන්ට භාජනය කරන ලද පුද්ගලයන්ට ව්‍යායාම ඔස්සේ කායික සුවතාවය ඇති කිරීමටත් භෞතචිකිත්සකවරු විශාල මෙහෙයක් ඉටු කරති. එවන් සුවිශේෂී වෘත්තිකයන් පිරිසකට අනුග්‍රාහකත්වය ලබා දීම Crampgard Plus කායික යහපැවැත්ම ඔප්නංවන ඖෂධීය නිෂ්පාදනයක් වශයෙන් සිය වගකීම ඉටු කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

    පුරාණ ආයුර්වේද දැනුමට සහ සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට, නවීන වෛද්‍ය විද්‍යාව සහ දියුණු තාක්ෂණය මුසු කරන ආයතනික දැක්මකින් යුතු Link Natural සමාගම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නවෝත්පාදන සිදු කිරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන දේශීය සමාගමකි. ඔවුන්ගේ නවතම නිෂ්පාදනයක් වන Crampgard Plus සාර්ථක නවෝත්පාදනයන්ට කදිම උදාහරණයක් වන අතර එමඟින් මස්පිඬු පෙරළීම වළක්වා, මස්පිඬු පෙරළීම ආශ්‍රිත මාංශ පේශී වේදනාව අවම කරමින් ඉක්මන් සහනයක් ලබා දෙන අතරම, තද වූ මාංශ පේශී ඉහිල් කරමින් ඒවායෙහි ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරනු ඇත.‍

    සමහන්, SP බාම්, සුදන්ත සහ ලින්ක් පස්පංගුව වැනි කීර්තිමත් සන්නාම ගණනාවකින් සමන්විත Link Natural නිෂ්පාදන මේ වන විට සෞඛ්‍ය සේවා නිෂ්පාදන කාණ්ඩ ගණනාවක මුල්තැන හිමි කරගෙන ඇත. මීට අමතරව Link Natural යටතේ යහපැවැත්ම සඳහා මහෝපකාරී වන තෙල් වර්ග සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා ද සැළකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර එමඟින් කර්මාන්තය තුළ සිය කීර්තිය තහවුරු කරගෙන ඇත. එසේම Link Natural සමාගම, ආයතනයක් වශයෙන් නවෝත්පාදන සිදු කිරීමේදී සම්ප්‍රදායික ආයුර්වේද දැනුම උපයෝගී කර ගැනීම ඔස්සේ මෙරට ජනතාවගේ පූර්ණ සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් සැළකිය යුතු මෙහෙයක් ඉටු කරනු ලබන බව ද අවිවාදිතය.