GSP+ හරහා වාර්ෂිකව යූරෝ මිලියන 300 ක්

    May, 16, 2017

    යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය සඳහා වූ GSP+ බදු සහනය යළි හිමිවීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීමටත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩු කර ගැනීමටත් අවස්ථාව උදාවන බවත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන තානාපති Tung-Laï Margue මහතා කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා මෙසේ පැවසීය.

    “වත්මන් අපනයන මත පදනම්ව මෙමගින් ලැබිය හැකි සෘජු ප්‍රතිලාභය වාර්ෂිකව යූරෝ මිලියන 300 ක් පමණ වෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සම්ප්‍රදායික නිෂ්පාදිතවලට පමණක් සීමා නොවී නව නිෂ්පාදිත අපනයනය සඳහා අවස්ථාවක් උදාවෙනවා.“

    “මීට අමතරව වක්‍ර ප්‍රතිලාභ ගණනාවක් ඔබට හිමිවෙනවා. විදෙස් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම තුළින් ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව සැලසෙනවා. මේ තුලින් නව රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකියි.“