Hanjin බංකොලොත්

    February, 3, 2017

    ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නාවුක සමාගමක් වන දකුණු කොරියාවේ Hanjin Shipping Co Ltd සමාගාමේ බුංවත්භාවය පෙබරවාරි 17 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සියොල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    Hanjin සමාගම ලොව හත් වැනියට විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකා සමාගම වූ අතර පසුගිය අගෝස්තු මාසයේ දී සිය බුංවත්භාවය ප්‍රකාශයට පත්කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් සියොල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය වැඩිදුරටත් නිවේදනය කර සිටිනුයේ සමාගමේ ඈවර කිරීමේ වටිනාකම, සමාගම බලාපොරොත්තු වන මිලට වඩා වැඩි වනු ඇති බවයි.

    මේ අතර Hanjin සමාගමේ එක්සත් ජනපද වරාය මෙහෙයුම් ඒකකය මිල දී ගැනීමට තමන් කටයුතු කළ බව Swiss shipping group MSC පසුගිය බදාදා නිවේදනය කරන ලදී.

    ඡායාරූපය - රොයිටර්ස්