Hatch සහ Orion City වෙතින් තාක්ෂණික පෙරළියකින් යුතු ඇප් එකක්

    April, 17, 2024

    ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සහ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික උද්‍යානය වන Orion City එක්ව ශ්‍රී ලංකාවේ තාක්ෂණික පද්ධතියේ සහ ව්‍යාපාරික මෙහෙයුම්වල සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින් නව්‍ය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දී ඇත. මෙමඟින් Hatch Works in Colombo 01, Orion Nest at Orion City Colombo 09 සහ Orion City Colombo 03 යන සේවා මධ්‍යස්ථාන වල අත්‍යවශ්‍ය සේවා සහ පහසුකම් සඳහා ප්‍රවේශය ලබා දී ඇත. ව්‍යවසායකයින් සහ ව්‍යාපාර සඳහා ලබාදෙන මෙම අත්දැකීම තුළින් ශ්‍රී ලංකාවේ දියුණු වන තාක්ෂණික පද්ධතියේ වර්ධනයට සහ සහයෝගීතාවයට පෙර නොවූ විරූ අවස්ථා හිමිකර දෙනු ඇත.

    වසර 1910 දී ඉදි කළ, ප්‍රතිසංස්කරණ කරන ලද ගොඩනැඟිල්ලක පිහිටා ඇති Hatch ආයතනය කොළඹ නගරයේ ව්‍යවසායකත්වයේ කේන්ද්‍රස්ථානය වන අතර 1,000කට අධික සාමාජිකයින් සහ 700කට අධික ආරම්භක ව්‍යාපාර ජාලයක් තමන් සතු කරගෙන තිබේ. කොළඹ 09 Orion City හි පිහිටා ඇති Orion Nest, රැස්වීම් ශාලා, විවේකී ස්ථාන සහ භෝජනාගාර පහසුකම් වැනි  ආයතන වලට අවශ්‍ය විවිධ පහසුකම් සපයමින් ආයතන 40කට අධික සංඛ්‍යාවකට ඔවුන්ගේ පරිශ්‍රයේ ඉඩපහසුකම් සලසයි. නුදුරේදී කොළඹ 3 වෙත ප්‍රවේශ වීමට නියමිත Orion City, කාර්යබහුල ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ව්‍යවසායකයින් සඳහා සම්පත් සහ අවස්ථා සඳහා ප්‍රවේශය තවදුරටත් වැඩිදියුණු කරනු ඇත.

    Hatch සහ Orion Nest හි රැස්වීම් සඳහා අවකාශ සොයන්නන්ට, සුවිශේෂී වට්ටම් යටතේ අවශ්‍ය පහසුකම් වෙන්කරවා ගැනීමට අවස්ථාව මෙම සහයෝගීතාවය මඟින් අවස්ථාව සලසා දී තිබේ.

    Orion City හි ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් මහතා අදහස් දක්වමින්, "Hatch සමඟ මෙම හවුල්කාරිත්වය නිවේදනය කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. මෙම අති නවීන ඇප් එක හඳුන්වා  දීමත් තුළින් නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා අපගේ කැපවීම මැනවින් පිළිබිඹු කරන අතර  දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ආරම්භකයින්ට වාරික වශයෙන් ගෙවීම් කළහැකි ආයතන අවකාශයන් ලබා දීම අපගේ අරමුණයි." පවසා සිටියේය.

    මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ තාක්ෂණික පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර සඳහා වැඩිදියුණු කළ සහයෝගීතා සහ වර්ධන අවස්ථා සඳහා මග පාදයි.