HNB ‘ද බෑන්කර්’ සඟරාවේ 2020 ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමෙන් තවත් ඉහළට

    July, 13, 2020

    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත.

    බෑන්කර් සඟරාව යනු 1926 සිට ගෝලීය මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. බෑන්කර් සඟරාවේ ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම 1970 සිට මෙම ක්ෂේත‍්‍රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ ස්ථාවරත්වය හා මූල්‍ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි. 2020 දී HNB ආකර්ෂණීය ලෙස තම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 39කින් ඉහළට පැමිණ ඇත.

    ’‘ලෝකයේ වඩාත්ම ගෞරවණීය මූල්‍ය ආයතන අතර නැවත වතාවක් ශ්‍රේණිගත වීම සහ අපගේ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල ශක්තිමත් දියුණුවක් ලබා තිබීම අප ගෞරවයක් කොට සලකනවා. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ අභියෝගයන්ගෙන් පිරුණු හා ඉදිරියට ද බොහෝ අභියෝග අපේක්ෂා කළ හැකි වසරක අවසානයේදී, HNB ඔරොත්තු දීමේ හැකියාව සහ අස්ථාවරත්වය හමුවේ හැඩගැසීමට ඇති විශිෂ්ට හැකියාව පෙන්නුම් කර තිබෙනවා. මෙම පසුබිම තුළ, ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණීම බැංකුවේ ශක්තිය සහ ස්ථාවරත්වය සඳහා ප‍්‍රබල සාක්ෂියක්.’’ යනුවෙන් HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

    විශාල අභියෝගාත්මක තත්වයන් හමුවේ වුව ද බැංකුව එහි අධිෂ්ඨානශීලි නව වෙනස් වූ ගමනේ අඛණ්ඩව ඉදිරියට ගොස් ඇත. දුරස්ථව ගනුදෙනු කිරීම සඳහා පාරිභෝගිකයින්ට පහසු, පුළුල් හා සුරක්ෂිත විකල්පයන් බැංකුව සපයා දී ඇති නිසා ඩිජිටල් ලෙස ක‍්‍රියාත්මක මූල්‍ය සේවාවන් වෙතට මාරු වීම බැංකුව අඛණ්ඩ සාර්ථකත්වයක් අත් කර ගත්තේය. එහිදී, විශේෂයෙන්ම කොවිඞ්-19 ව්‍යාප්තිය හමුවේ lockdown කාලය තුළ සහ පශ්චාත් කොවිඞ් සමය තුළ ද බැංකු ගිණුම්, ණයපත් හෝ හරපත් හරහා සම්බන්ධ වන ඩිජිටල් ගෙවීම් සඳහා ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් (one-stop-shop) ලෙස ක‍්‍රියා කරන HNB SOLO හා AppiGo වැනි නවෝත්පාදන වේදිකා හඳුන්වා දීම ඉතාමත් කාලෝචිත බව ඔප්පු වී ඇත.

    ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රගතියේ සැබෑ සහකරුවා ලෙස, කොවිඞ් වසංගතය නිසා අයහපත් ලෙස බලපෑමට ලක් වූ තම පාරිභෝගික ජාලයට, ආයතනික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකාරභවතුන්ට අත්‍යවශ්‍යය සහාය ලබා දීම සඳහා HNB කල් ඇතිව සකසන ලද ක‍්‍රියාමාර්ගයන් ක‍්‍රියාත්මක කරන ලදී. එපමණක් නොව, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස HNB සිය සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට වසරකට 8% සහන පොළී අනුපාතයකට කාරක ප‍්‍රාග්ධන ණය සැපයීම සඳහා රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කරන ලදී. වර්තමානය වන විට, HNB පුද්ගලයින් සහ ව්‍යවසායන් 75,000කට වැඩි සංඛ්‍යාවකට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම් ලබා දී ඇති අතර, CBSL සෞභාග්‍යා ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමය යටතේ සේවාදායකයින් 2500කට වැඩි සංඛ්‍යාවකට සහන පහසුකම් සලසා දී ඇත.

    ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානනීය බැංකුවක් වන HNB ලෝකයේ හොඳම බැංකු 1000 අතර සිය ස්ථානය නැවතත් තහවුරු කිරීමට අමතරව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය.

     

    HNB කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා