HNB සභාපති තනතුර පුරවයි. අධ්‍යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක්

    April, 30, 2015

    ආචාර්ය රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා 2015 මැයි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

    රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසුව සභාපති තනතුරේ වැඩ බැලූ එම්. ඒ. ආර්. සී. කුරේ මහත්මිය රියෙන්සි අර්සකුලරත්න මහතාට අවස්ථාව ලබාදෙමින් එම තනතුරෙන් ඉවත් වනු ඇත.

    මීට අමතරව, 2015 අප්‍රේල් 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකු පත්කර තිබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

    මේ අනුව, රියෙන්සි අර්සකුලරත්න මහතා, පාලිත පැල්පොල මහතා, ඩී. සුසෙයිපිල්ලෙයි මහතා සහ ඒ.එන්. ද සිල්වා මහතා හැටන් නැෂනල් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ.

    පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලැබූ කිහිප දෙනෙකුටම ඉවත්වන ලෙස රජය පසුගියදා ලිපි මගින් දැනුම් දුන් අතර එයට හිස නමමින් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මියත් ජාතික සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් විජේසිංහ මහතාත් පසුගියදා අදාළ තනතුරු වලින් ඉල්ලා අස්විය.

    කෙසේවෙතත්, බැංකු කිහිපයක් රජයේ මෙම තීන්දුවට අභියෝග කිරීමට කටයුතු කර තිබුණි.

    හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවේ.

    අළුතින් පත්වීම් ලද හැටන් නැෂනල් බැංකුවේ සභාපතිවරයා සහ නව අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු මෙන්න! h01h02h03h04