HNB AppiGo හි වෙළෙඳ පදනම මසක් වැනි කෙටි කාලයක් තුළ තුන්ගුණයකින් වැඩි වීමත් සමඟ Online ගෙවීම් ඉහළ යයි

    August, 5, 2020

    • වෙළෙඳුන් 70කට වැඩි සංඛ්‍යාවකට පහසුවෙන් හා ඉක්මනින් e-commerce විප්ලවයට එකතු වීමට පහසුකම් සලසයි
    • VOC Café, Pot Biriyani, Perera & Sons, Green Cabin, Sizzle හවුල්කරුවන් ඇතුළත් වෙයි

    ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඞ් සමය තුළ online වෙළෙඳ කටයුතු සඳහා පාරිභෝගික ඉල්ලූම ඉහළ යාම, පහසුවෙන් හා ඉක්මනින් e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරන HNB AppiGo විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව සමඟ ගිවිසුම්ගත වන ව්‍යාපාර සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යාමට හේතු වී ඇත.

    අපේ‍්‍රල් මැද භාගයේ කොවිඞ් lockdown උච්චතම කාලපරිච්ෙඡ්දයේදී වෙළෙඳ හවුල්කරුවන් 15 දෙනෙක් සමඟ ආරම්භ කළ AppiGo එතැන් සිට සීඝ‍්‍ර ස්ථාවරත්වයක් ලබා ඇති අතර වෙළෙඳුන් 70කට වැඩි සංඛ්‍යාවක් ඒ ඒ ව්‍යාපාරයට ආවේණික වූ e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරන වෙබ් අඩවි පිහිටුවීම සඳහා AppiGo සමඟ එක් වී ඇත.

    ‘‘පසුගිය මාස තුන පුරා ශ්‍රී ලංකාවේ e-commerce වපසරිය පෙර නොවූ විරූ පරිවර්තනයක් සහ වර්ධනයක් අත් කර ගෙන තිබෙනවා. lockdown කාලය තුළ අප බොහෝ දෙනෙක් නිවෙස්වලටම සීමා වී සිටීම නිසා බොහෝ ව්‍යාපාර ව්‍යාකූලත්වයට පත් වුනා. කෙසේවෙතත් මෙම අස්ථාවරත්වය අපගේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට online හරහා වෙළෙඳාම් කටයුතු කිරීමට අවස්ථාවන් නිර්මාණය කළා.

    ‘‘කොවිඞ් තර්ජනය මතු වීමට බොහෝ කාලයකට පෙර අප AppiGo වේදිකාවේ වැඩිදියුණු කිරීම් ආරම්භ කර තිබූ අතර අප එහි සංවර්ධන කටයුතු වේගවත් කර වසංගත තත්වයට ප‍්‍රතිචාර වශයෙන් ඉදිරිපත් කළා. අපගේ ඉලක්කය වූයේ ඕනෑම ආකාරයක ව්‍යාපාරයකට පිවිසිය හැකි පුළුල්, පහසු හා ඉක්මන් online වෙළෙඳ විසඳුමක් ලෙස ක‍්‍රියා කළ හැකි සහ හැකි තරම් ලාභදායී ආකෘතියක් ලබා දීමයි. AppiGo වේදිකාව සමඟ දැනටමත් එක් වී සිටින වෙළෙඳුන්ගෙන් අප ලැබී තිබෙන සුවිශේෂ ප‍්‍රතිචාරය අපගේ මෙම අරමුණු සාක්ෂාත් කරගත් බවට ප‍්‍රබල සාක්ෂියකි,’’ HNB හි පාරිභෝගික සහ සුළු සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

    සුප‍්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන විශේෂඥයින් වන hSenid සමඟ එක්ව වැඩි දියුණු කර ඇති AppiGo ක්ලික් කිරීම් කිහිපයකින් ඕනෑම ව්‍යාපාරයකට අන්තර්ජාලය හරහා වෙළෙඳාම් කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙයට, පාරිභෝගික ඇණවුම් ලබා ගැනීමට සහ පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීමට හැකියාව ඇති, එමෙන්ම පාරිභෝගිකයින් වෙත භාණ්ඩ බෙදා හැරීම නිරීක්ෂණය කිරීමේ පද්ධතිවලට අමතරව අන්තර්ජාල ගෙවීම් භාර ගැනීම සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමේ වැඩසටහන් පවා නිර්මාණය කළ හැකි ඒ ඒ ව්‍යාපාරයට ආවේණික වූ වෙබ් අඩවි ඇතුළත් වේ.

    ‘‘ව්‍යාපාරවලට අන්තර්ජාලයට පිවිස ඔවුන්ගේම වෙබ් අලෙවිසැලක් ඇති කර ගනිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ AppiGo දියත් කිරීම පිළිබඳව අප ඉතා සතුටු වෙනවා. AppiGo ඉතා අද්විතීය යෙදවුමක් වන්නේ එක් එක්කෙනා වශයෙන් තම ගනුදෙනුකරුවන් සමඟ ඍජුවම සම්බන්ධ වීමෙන් ව්‍යාපාරවලට වඩාත් සාර්ථක වීමට සවිබලය ලබා දෙන නිසාය,’’ යනුවෙන් hSenid ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති, දිනේෂ් සපරමාදු මහතා පැවසුවේය.

    මෙම වේදිකාව භාවිතා කර ඕනෑම වෙළෙන්දෙකුට ඉතා පහසුවෙන් එහි ලියාපදිංචි විය හැකි බවට බැංකුව පියවර ගෙන ඇති අතර AppiGo භාවිතා කිරීමට කැමති ඕනෑම වෙළෙන්දෙක් ඒ සඳහා මූලික ලියකියවිලි online හරහා ඉදිරිපත් කළ යුතුය.

    අනුමත වූ පසු ඔවුන්ගේ වෙළෙඳ ලාංඡනය, වෙළෙඳ නාමයේ වර්ණය, නිෂ්පාදන හා මිල ලැයිස්තු ආදිය සමඟ ව්‍යාපාරයට ගැලපෙන පරිදි සිය වෙබ් වේදිකාවේ වෙනස්කම් සිදු කිරීම වහාම ආරම්භ කළ හැකි අතර පාරිභෝගික ඇණවුම් භාර ගැනීම් ද ආරම්භ කළ හැකිය. වෙබ් වේදිකාවේ අදාල වෙනස්කම් සිදු කිරීමේ සමස්ත ක‍්‍රියාවලිය විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ කළ හැකි ඉතා විධිමත් ක‍්‍රියාවලියක් වන අතර සියලූම උපාංගවලට ගැලපෙන පරිදි වෙළෙන්දාගේ සමස්ත වෙබ් පිටුව සකස් කර ඇත. තවද, HNB හරහා ගෙවීම් ලබා ගන්නා අතරතුර පාරිභෝගිකයින් දිනා ගනිමින් පාරිභෝගික ඇණවුම් ආරක්ෂිතව හා ක‍්‍රමානුකූලව භාර ගැනීමට හැකියාව ලබා දෙයි.
    මෙම වේදිකාව සඳහා ලියාපදිංචි වීමේ සමස්ත ක‍්‍රියාවලිය සහ එය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර නාමික ගනුදෙනු ගාස්තුවක් පමණක් අය කෙරේ.

    සැලකිය යුතු කරුණක් නම්, මෙම පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඕනෑම වෙළෙන්දෙකුගේ දැනට පවතින බෙදා හැරීමේ සේවා සමඟ සම්බන්ධ වීමට හැකි වන පරිදි වන අතර බෙදා හැරීම ස්ථාපිත කර නොමැති වෙළෙඳුන්ට අමතර ගාස්තුවක් සහිතව AppiGo හරහා තෙවන පාර්ශ්වීය බෙදා හැරීමේ සේවාවන්ට ද පිවිසිය හැකියි.

    පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 251ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාම ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී බැංකුව අඛණ්ඩව සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද නම් කිරීමට අමතරව ඒෂියන් බෑන්කර් සඟරාව මඟින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් ද නම් කරන ලදී. දේශීය වශයෙන්, බිස්නස් ටුඬේ Top 10 ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් සිටින HNB 2019 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කියන ලදී. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB වෙත Moody’s Investors Service විසින් B1 ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් 'AA+(lka)' ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.