HNB FINANCE බණ්ඩාරගම ශාඛාව නව නිවහනකට

    February, 1, 2023

    පාරිභෝගිකයින් සඳහා කාර්යක්ෂම සේවාවක් පිරිනැමීමට සහ ඒකාබද්ධ මූල්‍ය සේවා සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් HNB FINANCE PLC බණ්ඩාරගම ශාඛාව නො.55, හොරණ පාර, බණ්ඩාරගම යන ලිපිනයට ගෙන යන ලදි.  එමගින් බණ්ඩාරගම සහ ඒ අවට ප්‍රදේශවල වෙසෙන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසු පාරිභෝගික සේවාවක් ලබාදීමට හැකිවනු ඇත.

    HNB FINANCE හි සියලුම සේවාවන් පාරිභෝගික හිතකාමී ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් නිර්මාණය වූ වඩාත් ඉඩකඩ සහිත මෙම මධ්‍යස්ථානය හරහා ලීසිං පහසුකම්, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු, ව්‍යාපාර ණය සහ නිවාස ණය වැනි මූල්‍ය සේවාවන්ට අමතරව ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රන් ණය පහසුකම් ද පිරිනමනු ලබයි.

    අභිනව බණ්ඩාරගම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට HNB FINANCE කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් මෙන්ම බණ්ඩාරගම ශාඛාවේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

    “මෙරට ප්‍රමුඛතම මුල්‍ය සේවා ලබාදෙන සමාගමක් ලෙසට HNB FINANCE අපගේ පාරිභෝගික ජනතාව වෙත ඉහළ සේවාවක් ලබාදීම වෙනුවෙන් දිවයින පුරා පිහිටි ශාඛා නැවත ස්ථානගත කිරීම් සහ නව ශාඛා විවෘත කිරීම් සිදුකරනවා. ඒ හරහා වඩාත් කාර්යක්ෂම සහ පුළුල් සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. අලුතින් විවෘත කරන ලද මෙම ශාඛාව සමඟින් බණ්ඩාරගම ප්‍රජාවට අපගේ පාරිභෝගික සේවාවන් වඩාත් පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව භුක්ති විඳිය හැකි අතර අපගේ ගනුදෙනුකරුවන්ට උසස් මූල්‍ය සේවා අත්දැකීමක් ලබාගත හැකියි.” යනුවෙන් HNB FINANCE කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ප්‍රකාශ කළේය.