HNB FINANCE ගම්පහ ශාඛාව නව නිවහනකට පිවිසෙයි

    February, 13, 2020

    වසර 19ක් පුරා ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB ෆිනෑන්ස් සමාගමේ ගම්පහ ශාඛාව අංක 103, බෞද්ධාලෝක මාවත ගම්පහ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදි.

    අභිනව HNB FINANCE ගම්පහ ශාඛාව සහ රන් සේවා ඒකකය HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. මෙම අවස්ථාවට HNB FINANCE හි නිලධාරීන් ඇතුළුව විශාල පිරිසක් එක් වූහ.

    රන් ණය ක්ෂේත‍්‍රය බැංකු සහ මූල්‍ය සමාගම් අතර ප‍්‍රචලිතව ඇතත් වඩාත් විධිමත්ව හා විශ්වසනීය ලෙස මෙම සේවාව සැපයීම සඳහා ඉදිරිපත් ව සිටින මූල්‍ය සමාගම් අතර HNB FINANCE සමාගම වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින්නේ ගනුදෙනුකරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල සහ ගනුදෙනුව අභිබවා යන සුහද සේවාව යන කරුණු හේතුවෙනි. විශේෂයෙන් HNB FINANCE මගින් සපයනු ලබන සියළුම මූල්‍ය සේවාවන් සේම HNB FINANCE රන් ණය සේවාවද ඉතා සීඝ‍්‍රයෙන් පාරිභෝගික ප‍්‍රසාදය  සහ ආකර්ශනය දිනා ගැනීමට සමතව තිබීම විශේෂත්වයකි.

    ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මෙම අවස්ථාවට සහභාගී වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා අදහස් දක්වමින් ‘‘සමාගමේ ආරම්භයේ සිටම විශිෂ්ට කාර්යසාධනයක් සමාගමට සහ ප‍්‍රජාව වෙත තිළිණ කළ HNB FINANCE ගම්පහ ශාඛාවේ සේවා වඩාත් ප‍්‍රශස්ත ලෙස ජනතාව අතරට ගෙන යෑම සඳහා මෙම පරිශ‍්‍රය හේතුවනු ඇතැයි මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කෘෂි සහ කර්මාන්ත ආශ‍්‍රිත ආර්ථිකයක් පවතින ගම්පහ නගරය තුළ අපගේ සේවා මෙම ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා. එමෙන්ම දිගුකාලයක් පුරා පාරිභෝගික භවතුන් සමග ගොඩනගා ගත් විශ්වාසයේ සබැඳියාව මත වඩාත් ඉඩ පහසුකම් සපිරි නව කාර්යාල පරිශ‍්‍රයකට පැමිණීමටත් HNB FINANCE අලූතින් ඇරඹූ රන් ණය සේවාව සහ අනෙකුත් මූල්‍ය සේවාවන්  සමගින් සියළුම මූල්‍ය සේවාවන් එක වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාවත් අප ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදීමට අපට හැකිව තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

    වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE Limited ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් පුරා දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු නිෂ්පාදන යන මූල්‍ය  සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය SME ණය ලබා දීම ද සිදුකරනු ලබයි.