• Ada Derana BIZ Sinhala
  • HNB FINANCE
  • HNB Finance PLC
  • sri lanaka

HNB FINANCE හි ග්‍රාමීය අධ්‍යාපනය සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් වඩිනාගල විද්‍යාලයේදී

July, 5, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ග්‍රාමීය අධ්‍යාපනය නැංවීමේ වැඩ පිළිවෙල යටතේ දුෂ්කර පාසලක් වන අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල විද්‍යාලයේ සිසුසිසුවියන්ගේ පරිහරණය සඳහා පරිගණකයක් ඇතුළු උපාංග සහ පාසල් පුස්තකාලය සඳහා පොත් පත් පරිත්‍යාගයක් පසුගියදා සිදුකරනු ලැබීය.

සමාජයට වගකියන මූල්‍ය ආයතනයක් ලෙස HNB FINANCE සමාගම ‘මෙහෙවර’ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, නිවාස මෙන්ම ජීවනෝපාය සංවර්ධනය ආදී ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා කටයුතු කරමින් සමාජය සවිබල ගැන්වීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටී.

“විවිධ වූ සමාජ අවශ්‍යතාවන් ඉටුකරමින් පිළිසරණක් අවශ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා HNB FINANCE PLC විශාල සේවාවක් පසුගිය කාලය පුරාම ඉටුකර තිබෙනවා. එමෙන්ම වරප්‍රසාද අඩු ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නැංවීම සඳහා අඛණ්ඩව සිදුකරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල පාසල මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා.මෙම සද්කාර්ය සිදුකිරීමේදී තර්ස්ටන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය(2019 -2022) සහ එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නොයෙල් ජෝෂප් මහතා  මූලිකත්වය ගෙන කටයුතු කළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පසුගිය කාලවකවානුව තුළදී කෝවිඩ් වසංගතය අතරතුරදී පවා ප්‍රජාව සවිබල ගැන්වීමට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට අපි පියවර ගනු ලැබුවේ එය අපගේ සමාජ වගකීමක් ලෙස සලකන නිසයි.”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.