සරසවිය එපා කියා නව මගක ගිය සුරූපී ඈ අද ළාබාලම බිලියන කතයි

    October, 20, 2014

    ස්වෝත්හාසයෙන් බිලියන පතියෙකු වූ ළාබාලතම ඇමරිකානු තරුණියගේ වයස අවුරුදු 30 ක් පමණි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතර මගදී නතර කරන ඇය විසින් ගොඩනැගූ සමාගම විසින් මේ වනවිට මිලියන ගණනක්වූ ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු වෙනස් කිරීමට සමත්ව තිබේ.

    ඇයගේ නම එලිසබෙත් හෝල්ම්ස් වන්නීය. තමාගේම සමාගමක් ආරම්භ කිරීමේ අරමුණෙන් අවුරුදු 19 දී විශ්ව විද්‍යාලයෙන් අතර මගදී ඉවත්වන ඇය දෙමව්පියන් ඇයගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කර තිබූ සුළු මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් Theranos නැමති සමාගම ආරම්භ කර ඇත.

    සිරින්ජර් කටුවකින් ඇන විශාල ලේ ප්‍රමාණයක් ලබා ගනිමින් රිදුම්කාරී ලේ පරීක්ෂා කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරමින් මෙම සමාගම විසින් ලේ බින්දුවක් ලබාගැනීමෙන් විවිධ රුධිර පරීක්ෂණ 70 ක් තරම් විශාල ප්‍රමාණයක් සිදුකිරීමේ අළුත් ක්‍රමයක් ඇමරිකානුවන්ට හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය ඇමරිකානුවන් විසින් වේගයෙන් වැළඳගත් අතර හෝල්ම්ස් විසින් 2003 වසරේදී ආරම්භ කළ සමාගම වේගයෙන් දියුණු වන්නට විය.

    මේ නිසා, ඇය ඇමරිකාව පුරාම මේ ආකාරයෙන් රුධිර පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ව්‍යාප්ත කළේය. කෙටි කලකින්ම ඇය ඇමරිකාවේ ළාබාලතම බිලියනපති කාන්තාව වූවාය.

    මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා තිබෙන්නේ බොහෝ තරුණ තරුණියන්ට ඉතාමත් ප්‍රායෝගික අදහස් තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක නොකර නොයෙක් වෘත්තීන්හි නියැලී සිටින බවයි.

    ළාබාල වියේදීම තමන්ගේ අදහස් ක්‍රියාවට නැගීමට හැකිවූ බව ඇය තමන්ගේ සාර්ථකත්වය ගැන අදහස් දක්වමින් පවසා ඇත.