Honda මෝටර් සයිකල්  ආයතනික තෝරාගැනීම් අතින් ඉහළට

    December, 10, 2019

    CB Shine 125CC සහ  CD Dream 110CC සඳහා වැඩිම ඉල්ලුමක්

    සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම විසින් මෙරට බෙදාහරින Honda මෝටර් සයිකල් සඳහා වන ආයතනික ඉල්ලුම ඉහළ යයි.  මේ අනුව නවතම Honda CB Shine 125CC සහ  CD Dream 110CC යතුරු පැදි ආයතනික අවශ්‍යතා සඳහා මිලදී  ගැනීම ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

    මෙම වර්ධනය පිළිබඳව අදහස් දැක්වූ  සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් සමාගමෙ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි චාරක පෙරේරා මහතා සඳහන් කළේ  Honda CB Shine සහ  CD Dream යන යතුරු පැදි දිගුකල් පවතින නිමාවකින් යුක්ත වීම සහ අඩු ඉන්ධන පිරිවැයකින් යුක්ත වීම යන කරුණු මෙම අලෙවි වර්ධනයට හේතු වී ඇති බවයි. එමෙන්ම නඩත්තු වියදම් අවමවීම,  මෙරට ඕනෑම මාර්ගයකට ඔරොත්තු දීම යන කරුණු ද මෙහිදී විශේෂ වන බව හෙතෙම කියා සිටියේය. මෙහි ඉන්ධන පිරිවැය පිළිබඳ සලකා බැලීමේදී  Honda CB Shine යතුරු පැදියක්  ලීටරයකට කිලෝමීටර් 65ක දුරක් ගමන් කරන අතර Honda Dream මෝටර් සයිකලයක්  ලීටරයකට කිලෝමීටර් 72 ක දුරක් ගමන් කරන බව පෙන්වා දුන් චාරක පෙරේරා මහතා සඳහන් කළේ මෙම ඉන්ධන පිරිවැය අවම වීම ආයතනික තෝරාගැනීම් ඉහළ යාම සඳහා ප්‍රධානතම හේතුව බව සඳහන් කළේය. බොහෝ අයතනවල විධායක ‍ ශ්‍රේණියේ නිලධාරින් සඳහා  ප්‍රමුඛතම තෝරාගැනීම බවට මෙම Honda CB Shine සහ  CD Dream යන යතුරු පැදි පත්ව ඇති බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ නැවත දෙවන වර  අලෙවි කිරීමේදී ඉහළ මිලක් යටතේ අලෙවි කළ හැකි වීම ද මෙම මෝටර් සයිකල් වල ඇති විශේෂත්වයක් බවයි. මේ නිසා ආයතනික අවශ්‍යතා සඳහා යතුරු පැදි මිළදී ගැනීමේදී බොහෝ ආයතනවලට Honda CB Shine සහ  CD Dream මිළදී ගැනීම ආයෝජනයක් වී ඇති බවද චාරක පෙරේරා මහතා සඳහන් කළේය.

    HONDA සඳහා ආවේණික වූ HET (HONDA Eco technology) තාක්ෂණයෙන් සමන්විත   Honda CD Dream යතුරු පැදි 4-stroke, single-cylinder HET එන්ජිමකින් සමන්විත වෙයි.  ධාවනයේදී ක්ෂණික හුළං කාන්දුවීම්න අවම කරවන ටයර්  (Tubeless tyres) වලින්ද සමන්විත වන මෙම මෝටර් සයිකල් ධාවන ගියර 4ක් සහිත වෙයි. 125CC ධාරිතාවයේ  BS IV එන්ජිමකින් සහ auto headlamp පහසුකම් වලින් සමන්විත Honda CB Shine මෝටර් සයිකලය අඩු ඉන්ධන පිරිවැයකින් ඉහල කාර්යක්ෂමතාවක් දක්වන මෝටර් සයිකලයකි. මනරම් සිත් ඇදගන්නා සුළු ආකාරයට මෙහි ඉන්ධන ටැංකිය නිමවා ඇති අතර single cylinder air-cooled HET එන්ජිමකින් මෙය සමන්විත වෙයි.  Honda CB Shine  සිත් ඇදගන්නා සුළු වර්ණ දෙකකින් වෙළඳ පළට එන අතර Honda Dream වර්ණ තුනකින් යුක්තව වෙලඳ පළට එයි.

    මනා ඉන්ධන පිරිමැස්මෙන් යුතු මෙම මෝටර් සයිකල් සඳහා සේවා පහසුකම් අවශ්‍ය වන්නේ 4000km ක දුරක් ගමන් කිරීමෙන් පසුව වන අතර වෙළඳ පොළෙහි ඇති අනිකුත් මෝටර් සයිකල් සාමාන්‍යයෙන් 2500kmක දුරකින් පසු සේවා  පහසුකම් සඳහා යොමු කළ යුතු වෙයි. Honda CB Shine සහ  CD Dream යන යතුරු පැදි  alloy wheels වලින් සමන්විත වීම නිසා ඉහළ වේගවත් අවස්ථාවකදී පවා මැනවින් හසුරුවා ගැනීමට හැකියාවෙන් යුක්ත වෙයි. මේ  නිසා  අනතුරු සිදුවීමේ ඉඩකඩ අවම කරවයි.

    ලොව පුරා විසිරී සිටින HONDA බෙදාහැරීමේ නියෝජිතයින් අතරින් පැරණිතම නියෝජිතයෙකු වන සීමාසහිත ස්ටැෆඩ් මෝටර් පුද්ගලික සමාගම  දශක 4 කට ආසන්න කාලයක් HONDA නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහැරීමේ  නිරතව සිටියි.  එම කාලය තුළ  ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම වගකීමෙන්  යුතු විශ්වසනීය සේවාවක් සපයමින් දිනාගත්  පාරිභෝගික විශ්වාසය මෙ ම අලෙවි ප්‍රගතිය  සඳහා මූලික පදනම වී තිබේ.