Huawei පොලොන්නරුවට

    October, 23, 2016

    සිය පාරිභෝගිකයින් වෙත වඩා හොඳ සේවාවක් සැපයීමේ අරමුණින් Huawei සිය නවතම ප්‍රදර්ශනාගාරය පොලොන්නරුවේ විවෘත කරයි. Huawei හි උසස් මට්ටමේ නිෂ්පාදන රැසක් අත්හදා බැලීමට මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරයේදී හැකියාව ලැබේ.

    පොලොන්නරුව කදුරුවෙල ගෝල් සිටි ස්මාර්ට් හි මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරය පිහිටා තිබේ. දිවයින පුරා ස්ථාන ගණනාවක Huawei ප්‍රදර්ශනාගාර විවෘත කරමින් ශ්‍රී ලාංකේය පාරිභොගිකයාට වඩා සමීප වීමේ Huawei අරමුණ යටතේ මෙම වැඩපිලිවෙළ ක්‍රියාත්මක වෙයි.