Huawei හි පෙරළිකාර සහ නවතම නිපැයුම HuaweiP9 ශ්‍රී ලංකාවට

    June, 20, 2016

    ලෝප්‍රකට Leica හා එක්ව ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණය සඳහා නව අරුතක් එක් කළ අනගි නිෂ්පාදනයක්

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන HuaweiP9 ජූනි මාසය තුළදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතයි. ජර්මානු සමාගමක් වන Leica හා එක්ව නිපදවූ ලෙන්ස් දෙකක් සහිත අගනා කැමරාවකින්ද යුක්ත මෙම HuaweiP9 ස්මාර්ට්ෆෝනය වර්ණ මෙන්ම කළුසුදු ඡායාරූපකරණය පහසු කරවයි.

    Leica ලෙන්ස් දෙකක් සහිත මෙම HuaweiP9 ස්මාර්ට්ෆෝනය උසස් තත්වයෙන් ඡායාරූප ගැනීම පහසු කරවන විශේෂාංග රැසකින් සමන්විත වෙයි. ලෝ සුපතල Leica තාක්ෂණයට අනුව සුපැහැදිලි වර්ණ සහ කළු සුදු ඡායාරූප ලබාගැනීමේ පහසුකම් සහිත HuaweiP9 ස්මාර්ට්ෆෝනය ඡායාරූප ගැනීම සඳහා සුවිශේෂි ආලෝකකරණ පහසුකම් සහ සෙන්සර් දෙකකින් සමන්විත වෙයි.මේ අතරින් එක් සෙන්සරයක් RGB වර්ණ සංයෝජක සඳහා වන අතර අනික් සෙන්සරය මොනෝකෝම් තාක්ෂණය සහිත වෙයි. මේ නිසා අගනා සුපැහැදිලි ඡායාරූප ගැනීමේ පහසුකම් මෙම ස්මාර්ට්ෆෝනය සතුවෙයි. මෙමඟින් ඡායාරූප ලබාගන්නා විට ස්වයංක්‍රියවම මොනෝකෝම් තාක්ෂණය සහ RGB වර්ණ සංයෝජක ක්‍රියාත්මක වී වඩා උසස් තත්වයේ ඡායාරූපයක් ලබාදෙයි.

    අඟල් 5.2 HD තිරයක් සහිත වන HuaweiP9 ස්මාර්ට්ෆෝනය හොලිවුඩ් චිත්‍රපටයක වර්ණ සංයෝජන වලට සමාන වර්ණ සංයෝජනයකින් යුක්ත වෙයි. තිරයෙන් 96% පමණ ප්‍රමාණයක් වර්ණ සංයෝජන වලින් යුක්ත වෙයි. RGB වර්ණ සංයෝජක මෙන්ම කළු සුදු සෙන්සර් සහිත මෙගා පික්සල් 12ක කැමරාවකින් සහ යුක්ත මෙම ස්මාර්ට්ෆෝනය ඡායාරූපගත කරන වස්තුව ඡායාරූපයට නාභිගත කර ගැනීම සඳහා ලේසර් සහයෝගයද සපයයි.මෙම පහසුකම නිසා 200% කින් වඩාත් සංවේදී ඡායාරූප ලබාගත හැකිවන අතර 300% ක විස්තර සහිතව ඡායාරූප ලබාගත හැකිවෙයි.

    Huawei ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ ස්මාර්ට්ෆෝන් අතර සුපිරිතම නිෂ්පාදනයක් වෙළඳ පලට හදුන්වාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි.තාක්ෂණය අතින් උසස් ස්මාර්ට්ෆෝනයක් හඳුන්වාදීම හරහා නවතම ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් පාරිභෝගිකයාට තිළිණ කිරීමට හැකිවී ඇති බව ද හෙතෙම පැවැසීය. එමෙන්ම Huawei ශ්‍රී ලංකිකයාගේ ජීවන රටාවට සරිලන නවීන සහ උසස් තාක්ෂණයෙන් යුත් ස්මාර්ට්ෆෝන් හදුන්වාදීම සඳහා නිරතුරුවම කටයතු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    මෙම HuaweiP9 ස්මාර්ට්ෆෝනය මේ වසර තුළ Huawei විසින් හඳුන්වා දී ඇති ස්මාර්ට්ෆෝන් අතුරින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛස්ථානයට පත් වනු ඇති බවට විශ්වාස කෙරේ. පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වෙළද වර්ධනයක් මේ වසරේ පෙන්නුම් කරන Huawei 2016 පළමු කාර්තුව තුළ සමස්ථ ස්මාර්ට්ෆෝන් අලෙවියෙන් 23.3% ක ප්‍රමාණයකට හිමිකම් කියයි. මේ සමඟ මෙරට ස්මාර්ට්ෆෝන් අතර අංක දෙක ස්ථානයට Huawei පත්ව ඇති අතර ලෝකයේ ඉතා වටිනා වෙළඳ සන්නාම 100 අතර 47 වන ස්ථානය Huawei වෙත හිමිව තිබේ.