Huawei Y3II සහ Y5II නමින් පෙරළිකාර ස්මාර්ට්ෆෝන් දෙකක් ශ්‍රී ලංකා වෙළඳ පලට හඳුන්වා දෙයි

    June, 19, 2016

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නවතම මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝන් දෙක වන Y3II සහ Y5II ශ්‍රී ලංකා වෙළඳ පළට හඳුන්වා දෙයි. මෙම නවතම ස්මාර්ට් ෆෝන් දෙක Huawei හි ජනප්‍රියතම Y Genaration කාණ්ඩයට අයත් වෙයි. Huawei Y5II 3G ස්මාර්ට්ෆෝනයක් රුපියල් 14,199 ක් වන අතර 4G ස්මාර්ට්ෆෝනයක් රුපියල් 15,999 ක් වෙයි.එමෙන්ම 3G වශයෙන් පමණක් මිළදී ගත හැකි Huawei Y3II ස්මාර්ට්ෆෝනයක් රුපියල් 10,999 ක් වෙයි.

    මෙම ස්මාර්ට්ෆෝන් දෙකම ඊටම ආවේණික වූ “Easy Key” නමින් හැඳින්වෙන සුවිශේෂි විශේෂාංගයකින් සමන්විත වෙයි.මෙම විශේෂාංගය මඟින් භාවිත කරන්නාට ඉතා පහසුවෙන් ස්මාර්ට්ෆෝනය භාවිත කිරීමට අවස්ථාව සැලසෙයි. මෙම පහසුකම යටතේ සාමාන්‍ය ස්පර්ෂ කිරීම සහ තදින් ස්පර්ශ කිරීම සහ දෙවරක් ස්පර්ශ කිරීමෙන් පහසුකම් රැසක් ක්‍රියාත්මක කරවා ගැනීමට අවස්ථාව සැලසෙයි. Huawei Y3II ස්මාර්ට්ෆෝනය එකිනෙකට වෙනස් වූ ඇමතුම් සහ දැනුම්දීම් සඳහා දේදුනු වර්ණ ආලෝක ධාරා නිකුත් කරන “Rainbow Light“ නම් විශේෂාංගයකින් සමන්විතය. මේ යටතේ ඇමතුමක් ලැබෙන විට ක්‍රියාත්මක වන විවිධ වර්ණ සහිත ආලෝක ධාරාවන්ගෙන් ඇමතුමක් ලැබෙන බවට සංඥා කරයි. එමෙන්ම Huawei Y5II හි ඉදිරිපස කැමරාව ෆ්ලෑෂරයකින් ද සමන්විත වන නිසා ඕනෑම ආලෝක තත්වයක් යටතේ සෙල්ෆි ඡායාරූප ගැනීමේ පහසුකම හිමිවෙයි. මෙම ස්මාර්ට් ෆෝන් දෙකම කළු, සුදු සහ රන්වන් පැහැයන්ගෙන් යුක්ත වන අතර සිංගර් වගකීමේ සහතිකය සමඟ අලෙවි කෙරේ.

    මෙම නව ස්මාර්ට්ෆෝන් පිළිබදව අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ ලොව ප්‍රමුඛතම වෙළඳ සමීක්ෂණ ආයතනයක් වන GFK හි නවතම වාර්තා වලට අනුව 2016 වසරේ පළමු කාර්තුව තුළදී Huawei ස්මාර්ට්ෆෝන් මෙරට අලෙවිය 23.30% කින් ඉහළ ගොස් ඇති බවයි. දිගින් දිගටම දැරිය හැකි මිලකට වැඩි පහසුකම් වලින් යුත් ස්මාර්ට්ෆෝන් හඳුන්වා දීම මෙම සාර්ථකත්වයේ රහස බව ද හෙතෙම සඳහන් කළේය. තවද ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට පහසුවෙන් සහ විශ්වාසෙයෙන් යුතුව Huawei ස්මාර්ට්ෆෝන් මිළදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් Huawei හි ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ නියෝජිතයා වන සිංගර් ආයතනය විසින් සැපයීම ද මෙම සාර්ථකත්වයට හේතු වී ඇති බව ඒ මහතා සඳහන් කළේය. දිවයින පුරා විසිරී සිටින Huawei පාරිභෝගිකයින් වෙත වරින් වර හදුන්වා දුන් ස්මාර්ට්ෆෝන් පෙළක්ම ඇති නිසා පාරිභෝගිකයින්ට තම අවශ්‍යතාව මත කැමති ස්මාර්ට්ෆෝනයක් මිලදී ගැනීමට අවස්ථාව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Huawei හි වෙළඳ කළමණාකරු රුවන් ගමගේ මහතා සඳහන් කළේ විවිධ මාදිලියේ පාරිභෝගිකයින් ගේ අවශ්‍යතා සඳහා සරිලන ස්මාර්ට්ෆෝන් Huawei විසින් හඳුන්වා දී ඇති නිසා පහසුවෙන්ම තමන්ට අවශ්‍ය ස්මාර්ට්ෆෝනය මිළදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවන බවයි . උසස් තාක්ෂණය, නවීනත්වය, විශේෂාංග රැසකින් සමන්විත වීම, සහ අවම මිළ යන කරුණු නිසා පාරිභෝගිකයින් අතර Huawei අතිශයින් ජනප්‍රියත්වයට පත්වී මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පලේ දෙවන ස්ථානය හිමිවී ඇති බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම දිවයින පුරා Huawei නිෂ්පාදන බෙදාහැරීමේදී සිංගර් දක්වන දායකත්වයද මෙම සාර්ථකත්වයට හේතු වී ඇති බව හෙතෙම මහතා පෙන්වා දුන්නේය.

    Huawei Y3II ස්මාර්ට්ෆෝනය මෙගාෆික්සල් 5 ක සහ මෙගාෆික්සල් 2 ක කැමරාවලින් යුක්ත වන අතර Huawei Y5 II ස්මාර්ට්ෆෝනය මෙගාෆික්සල් 8ක පසුපස කැමරාවකින් සහ මෙගාෆික්සල් 2ක ඉදිරිපස කැමරාවකින් සහ ෆ්ලෑෂරයකින් යුක්ත වෙයි. Huawei Y3II සහ Y5II ස්මාර්ට්ෆෝන් 2,100 mAh සහ 2,200 mAh බලයෙන් යුක්ත බැටරිවලින් සමන්විත වෙයි.

    මෙරට විශාලතම අලෙවි ජාලය සහ ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රීලංකා හි දිවයින පුරා පැතිරුණු පුළුල් බෙදාහැරීමේ ජාලය ට අයත් සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් මෙන්ම දිවයින පුරා විහිදුන් 400 කට අධික අලෙවි සැල් මගින් සහ 1500 කට අධික ඩිජිටල් මාධ්‍ය අලෙවිසැල් ඔස්සේ Huawei ස්මාර්ට්ෆෝන් බෙදා හරිනු ලබයි.