Hunas Falls ධම්මිකගේ අයිතිය ජපානයට

    January, 14, 2019

    Carbotels (Pvt) Limited හා Amaya Leisure PLC විසින් ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරන ලද Hunas Falls Hotels PLC සමාගමේ අදාළ සමාගම් දෙක සතුව පැවති සම්පූර්ණ කොටස් අයිතිය අද (14) උදෑසන විකුණා දමන ලදී. අද පෙරවරු 10.30 ට පමණ මෙම ගනුදෙනුව සිදු වූ අතර මෙහිදී Hunas Falls Hotels PLC සමාගමේ එක් කොටසක් රු. 187.00 බැගින් අලෙවි කෙරුණි.

    මේ අනුව Carbotels (Pvt) Limited සතුව පැවති කොටස් 2,824,820 ක් හා Amaya Leisure PLC සතුව පැවති කොටස් 899,000 ක් ගනුදෙනු වූ අතර රු. මිලියන 696 ක පිරිවැටුමක් (696,354,340.00) මෙම ගනුදෙනුව හරහා ජනිත විය. මෙලෙස ගනුදෙනු වූ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 3,723,820 කි.

    Hunas Falls Hotels PLC හි ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා වූ Carbotels (Pvt) Limited හා Amaya Leisure PLC සමාගම් ද්විත්වය හේලීස් සමූහයේ පරිපාලිත සමාගම් දෙකකි. හේලීස් සමූහයේ පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සතුය.

    Hunas Falls Hotels PLC හි පාලක කොටස් අයිතිය අද දින මෙලෙස අත්පත් කරගනු ලැබූවේ, Serenity Lake Leisure (Pvt) Ltd සමාගම විසිනි. මෙය ජපාන ආයෝජකයින් විසින් බහුතර කොටස් හිමිකාරීක්වයක් දරනු ලබන සමාගමක් බව වාර්තා වේ.