Hutch අලෙවියේ දක්ෂතා දැක්වූවන් Hutch Champion’s Challenge හිදී සම්මාන ලබයි

    June, 20, 2016

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන Hutch සිය සමාගමේ අලෙවිකරණයේදී ඉහළ දක්ෂතා දැක්වූන් ඇගයීමට ලක්කරයි. මේ සඳහා පැවැත්වූ Hutch Champion’s Challenge 2015 /16 ඇගයුම් උළෙල මෑතකදී කොළඹදී පැවැත්විණ. මෙම උත්සවය සදහා හචිසන් ආසියා ටෙලිකොම් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඈන් චෙන් සහ Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ද එක්ව සිටියහ.

    මෙම අවස්ථාව සඳහා 500 කට අධික Hutch අලෙවි නිලධාරීන් පිරිසක් සහ දිවයින පුරා Hutch බෙදාහැරීම් ජාලයට සම්බන්ධ විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම අවස්ථාව අමතමින් Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ සමස්ත සමාගමේ අලෙවිය පිළිබඳ සලකා බලන කල 3G ඩේටා අලෙවිය මෑත කාලීනව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඒ සදහා කෂේත්‍රෙය් සිට කටයුතු කළ අලෙවි කණ්ඩායමේ සහයෝගය අමතක කළ නොහැකි බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.