IFC බැංකු අංශයේ ප්‍රධානියා කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

    July, 3, 2014

    ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) බැංකු අංශයේ ප්‍රධානියා මෙන්ම ප්‍රධාන බැංකු විශේෂඥයා වන හකන් ජෝන් විල්සන් මහතා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වහාම පත්කර තිබේ.

    මේ අනුව, මොහුව කොමර්ෂල් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.

    මොහු ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) 2009 වසරේ සිට සේවය කර තිබේ.