IIT, ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මඩුල්ල පත් කර, නවතම වෙබ් අඩවිය නිකුත් කරයි

    January, 23, 2020

    ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයෙහි 2019/20 වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම හා නවතම ආදි ශිෂ්‍ය වෙබ් අඩවිය දියත් කිරීම පසුගියදා කොළඹ 02, එලිවේට් හිදී පැවැත්වුණු වාර්ෂික හමුව අතරතුර සිදු කෙරිණි.

    බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය, පීටර් බොන්ෆීල්ඩ්, IIT අධ්‍යක්ෂ මහාචාර්ය ජයන්ත විජේරත්න, IIT පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා, IIT සාමාජිකයින් මෙන්ම, විවිධ වයස් කාණ්ඩවල ආදි සිසුන් ඇතුළු විශාල පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්විණි. හමුවෙහි සාම්ප්‍රදායික වැඩ කටයුතුවලින් හා නිලධාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව, https://alumni.iit.ac.lk/ යන නවතමIITආදි ශිෂ්‍ය වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම සිදු කෙරිණි. වත්මන් IIT සිසුන්ට හා ආදි ශිෂ්‍යයින්ට සුරක්ෂිත අන්තර්ජාල පරිසරයක එකිනෙකා හා සම්බන්ධ වීමට වෙබ් අඩවිය මගින් අවස්ථාව සැලසේ. සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ප්‍රොෆයිල නිර්මාණය කිරීම, සාමාජික දත්ත පරීක්ෂා කර බැලීම, කර්මාන්ත හා ස්ථාන පිළිබඳ දැනුවත් වීම, රැකියා හා ආධුනික රැකියා අවස්ථා පිළිබඳ විස්තර පළ කිරීම, සිය IIT අත්දැකීම් බෙදා හදා ගැනීම මෙන්ම අදහස් හුවමාරු කර ගැනීම ආදිය එම වෙබ් අඩවිය මගින් සිදු කළ හැකි වේ.එම වෙබ් අඩවිය, ආදි සිසුන් එකිනෙකා හා සම්බන්ධ කෙරෙන ස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන අතරතුර,IIT සිසුන්ටආදි ශිෂ්‍යයින්සමගින් සිය සබඳකම් තවදුරටත් වර්ධනය කර ගැනීමේ ඉඩකඩදසලසා දෙයි.

    ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම පිණිස වසර ගණනක් තිස්සේ, ඉහළම මට්ටමේ උපාධිධාරීන් බිහි කරමින් IIT, සුවිශාල කාර්යය භාරයක් ඉටු කර තිබේ. 1990 වසරේ, එහි ආරම්භයේ පටන් මේ දක්වා, රටවල් 25 ක 3000 කට අධික උපාධිධාරීන් පිරිසක් එමගින් බිහි කර තිබේ.අද වන විට, එම උපාධිධාරීහු තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයන්ගෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වඩා සාර්ථක ස්වයං ව්‍යාපාරිකයින් හා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් බවට පත්ව සිටිති.ඔවුහු බහුජාතික සමාගම් 250 කට අධික ප්‍රමාණයක ඉහළම පෙළේ තනතුරු දරමින් ස්වකීය ආයතනයන්හි අභිවෘද්ධියට දායක වෙමින් සුවිශාල මෙහෙවරක්ද සිදු කරති.

    “අපට සතුටු වීමට බොහෝ කාරණා තිබෙනවා. IIT පරම්පරා ගණනාවක් එකට සිටිනු දැකීමම විශාල සතුටක්. එයින් පැහැදිලි වෙන්නේ, සෑම දෙනෙකුටම මෙම IIT අත්දැකීම ඉතාමත් විශිෂ්ට අත්දැකීමක් වී ඇති බවයි. ආයතනයේ ආදි සිසුන් බොහෝ දෙනෙක් අද වන විට ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියමුවන්මෙන්ම ඇතැමෙක්දේශීය හා විදේශීය රාජ්‍ය නායකයින් වශයෙනුත් කටයුතු කරනවා. එහි ප්‍රශංසාව ඔවුන් වෙත තනි තනිව වගේම,ආයතනය වෙතත් හිමි විය යුතුයි.පසුගිය අවුරුදු 30 ක් වැනි කාලයක් තිස්සේම, ලොව ජය ගැනීමට විශිෂ්ට පුද්ගලයින් බිහි කරමින් IIT ආයතනය සැබෑම කාර්යයක් ඉටු කරමින් සිටිනවා. මම මගේ හෘදයාංගම සුබ පැතුම් ඔවුන් වෙත පිරි නමනවා.”
    හමුව අමතමින් බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය, පීටර් බොන්ෆීල්ඩ්සඳහන් කළේය.

    IIT පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා ද එහිදී මෙලෙස අදහස් දැක්වූවාය.

    “IITආදි ශිෂ්‍යයින්සමග එක්වීම හැමවිටම, බොහෝ අතීත මතකයන් අලුත් කරන අත්දැකීමක්. වෙනස් වයස්වල ශිෂ්‍ය කණ්ඩායම් එකිනෙකා සමග සම්බන්ධ ව සිටීම දැකීමත් සතුටට කාරණයක්. නිරන්තරයෙන් එකිනෙකා සමග සම්බන්ධකම් පවත්වා ගන්නා පිරිසක් වෙමින් ඔවුන් මෙම අත්දැකීම ඊළඟ මට්ටමට ගෙන යන ආකාරය දැකීමට අපි කැමතියි. එකිනෙකා ගැන දැන ගැනීම, ඔවුන්ගේ සබඳතා ජාලය හා වෘත්තීය තත්ත්වය ගොඩ නගා ගැනීමටත් සුවිශාල අවස්ථාවක් වෙනවා.ආදි ශිෂ්‍ය සංගමයසමග සම්බන්ධ වීම ඔවුන්ගේ ජීවිතවලට වටිනාකම් එක් කරනවා පමණක් නොවෙයි, එය IITඊළඟ පරම්පරාවආදි ශිෂ්‍යයින්සමග ක්‍රියාකාරීව කටයුතු කිරීමදිරිමත් කිරීමක්ද වෙනවා. ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සාමාජිකයින් නිරතුරුවම කණිෂ්ඨ සාමාජිකයින් හා වත්මන් ශිෂ්‍යයන් හට දැනමුත්තන් ලෙසින් කටයුතු කරනවා. වෙබ් අඩවිය දියත් කිරීමහා නව නිලධාරී මණ්ඩලය පත් කිරීමත් සමගින් එම දැනුවත් කිරීමේ කාර්යයන්හි ඊළඟ පියවර දක්වා ඉහළ නැංවීමට ඔවුනට පුළුවන්. ”

    IITආදි ශිෂ්‍ය සංගමයවෙනුවෙන් අභිනවයෙන් තේරී පත් වුණු සභාපති, තාරිෆ් බින් උබේද් සඳහන් කළේ මෙවැන්නකි.
    “සභාපතිවරයා වශයෙන්, මා හට තිබෙන ප්‍රධාන අරමුණුවලින් එකක් වන්නේ, වත්මන් IIT සිසුන්ආදි ශිෂ්‍යයින්සමගින් සම්බන්ධ කිරීමයි.ආදි ශිෂ්‍ය සංගමයහා සම්බන්ධ වීම මගින්, සිසුන්ට තමන්ගේ දියුණුව සලසා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම, වෘත්තීය මාර්ගය කෙබඳු එකක්ද යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලොව පුරා සිටින දහස් ගණනක් වන IITආදිසිසුන් හැකි තරම් පිරිසක් එකතු කර ගනිමින්ආදි ශිෂ්‍ය දත්ත ජාලය යාවත්කාලීන කිරීමටත් අපි කැමැත්තෙන් සිටිනවා.එළි දැක්වූ නවතම වෙබ් අඩවිය දත්ත ජාලය ගොඩ නගා ගැනීමට වගේමඑදා මෙදාතුර සියලු IIT සිසුන් හා සම්බන්ධ වීමට සිසුන්ට ඉඩ සැලසීමත් නිසා, බොහෝ කාර්යයන් සම්බන්ධයෙන් සුවිශාල මෙහෙවරක් සිදු කිරීමට නියමිතයි.”

    තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන ලංකාවේ පළමු උසස් අධ්‍යාපන ආයතනය ලෙසින් 1990 වසරේදී IIT ආයතනයපිහිටුවා ගැනිණි. එය බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබර්ට් ගෝර්ඩ්න් විශ්වවිද්‍යාලයේ උපාධි හා පශ්චාත් උපාධි පිරිනමන, සම්මානිත ආයතනයක් වෙයි.සියලු IIT සිසුන්ට, වෙනස් ශිෂ්‍ය පරිසරියක, පළපුරුදු කථිකාචාර්යවරුන්, නවීනතම දේශන ශාලා, පුස්තකාල අත්දැකීම්ද ඇතුළත්ව ක්‍රීඩා, සංගම් හා සංවිධාන ආදී විෂය බාහිර ක්‍රියාකාරකම් වලද නිරත විමේ අවස්ථාව සැලසෙන අතර, ජාත්‍යන්තර ඉගෙනුම් පරිසරයක් සහිත සම්මානිත උසස් අධ්‍යාපන ආයතනයක දීප්තිමත් සිසු දිවියකට ප්‍රවේශ වීමේ අවස්ථාවද එහිදී උදා වේ.