IIT හි ව්‍යාපාර සහ තෙරතුරු තාක්ෂණ උපාධි වැඩසටහන් සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි

    September, 26, 2018

    අපොස උසස් පෙළ ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටින සිසු සිසුවියන් සඳහා උපාධි ලබාගැනීමට අවස්ථාව

    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT)හි ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ උපාධි වැඩසටහන් සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹෙයි. එක්සත් රාජධානියේ වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව මෙම උපාධි වැඩසටහන් පවත්වාගෙන යනු ලබයි.

    අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටින සිසු සිසුවියන්ට මෙම උපාධි වැඩසටහන් සඳහා සම්බන්ධවීමට අවස්ථාව තිබේ. අපොස උසස් පෙළ විභාගය සඳහා ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට සාමාර්ථ 3ක් (S) ලැබූ  සහ අපොස සා  පෙළ ගණිතය මෙන්ම ඉංග්‍රිසි විෂයන් සඳහා සම්මාන සමාර්ථ (C) සිසු සිසුවියන්ට මෙම උපාධි වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙයි. 

    එක්සත් රාජධානියේ වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලය  විසින් පිරිනමන BEng (Hons) Software Engineering, BSc (Hons) Computer Science (with Specialization in Mobile & Web Computing, Gaming & Computer Graphics Development or Multimedia Computing), BSc (Hons) Business Information Systems සහ  BA (Hons) Business Management යනාදී උපාධි  වැඩසටහන් මේ යටතේ IIT හිදී පැවැත්වීමට නියමිතව තිබේ.  මෙම උපාධි පාඨමාලා සඳහා සුදුසුකම් සපුරා නැති සිසු සිසුවියන් වෙනුවෙන් පදනම්  සහතික පත්‍ර වැඩසටහනක්ද   IIT විසින්  මෙහෙයවනු ලබයි. 

    වර්ෂ 1838 දී ස්ථාපිත කෙරුණු බ්‍රිතාන්‍යයේ ප්‍රථම බහු තාක්ෂණික ආයතනය පසුකලෙක  සංවර්ධනය කොට දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කොට වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලය බවට පත් කෙරිණ. ව්‍යාපාර හා කළමණාකරණ ක්ෂේත්‍රයේ උපාධි සදහා ලොව හොඳම ආයතනය  බවට  මෙම විශ්ව විද්‍යාලය පත්වූ අතර මෙහි ව්‍යාපාරික පාසැල ලොව හොඳම ව්‍යාපාරික අධ්‍යයන ආයතනය ලෙස  ශ්‍රේණිගත  කෙරිණ. මේ අතර වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලය ලොව හොඳම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 15 (Times Higher Education 2017) අතරට එක්විය. එමෙන්ම THE Young University Ranking, 2017 ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රථම විශ්ව විද්‍යාල 30 අතරට මෙම විශ්ව විද්‍යාලය එක්විය.

    IIT හි සියලු උපාධි වැඩසටහන්  වසර 4ක කාලයක් පුරා පැවැත්වෙන අතර ජාත්‍යන්තර වශයෙන්  තොරතුරු තාක්ෂණ  ක්ෂේත්‍රය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙයි. මෙම උපාධි පාඨමාලාවල තුන්වන වසර ආයතනික පුහුණුව සඳහා සිසු සිසුවියන් යොමු කෙරෙන අතර එහිදී දේශිය සහ බහුජාතික ප්‍රමුඛතම සමාගම්  වෙත උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් යොමු කරවනු ලබයි. එම ආයතනවෙතින් සේවාස්ථ පුහුණුව ලබාගැනීමෙන් පසු මෙම සිසු සිසුවියන්  වෙත උපාධිය පිරිනැමීම සිදුකරයි. මෙම උපාධි වැඩසටහන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පැවැත්වෙන අතර සිසුන්ට අවශ්‍ය නම් සිය ඉදිරි අධ්‍යාපන කටයුතු දේශිය හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමඟ ඉදිරියට පවත්වාගෙන යාමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙහිදී  IIT විසින්  මූල්‍ය දුෂ්කරතා පවතින සිසු සිසුවියන් වෙනුවෙන් අධ්‍යයන සහ අනිකුත් දක්ෂතා පදනම් කරගනිමින් 50% ක ශිෂ්‍යත්ව ක්‍රමවේදය ඇතුළු  ක්‍රමවේද රැසක්ම අනුගමනය කරනු ලබයි.

    සිසු සිසුවියන්ට විෂය ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයින් බවට පත්වීම සදහා  සමස්ථ විෂය ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි මෙහිදී අධ්‍යාපනය ලබාදෙන අතර ඔවුන්ට සිය අධ්‍යාපනික හා බාහිර  කුසලතා වර්ධනය කර ගනිමින් අධ්‍යාපනය ලැබීමට මෙහිදී අවස්ථාව හිමිවෙයි. Toastmasters, Rotaract, IEEE සහ  Mozilla වැනි සිසු සමාජ ඔස්සේ සන්නිවේදනය, නායකත්වය, සහ කණ්ඩායම් හැඟිම ආදී සංකල්ප  වර්ධනය කර ගැනීමටද සිසු සිසුවියන්ට අවස්ථාව හිමිවෙයි.

    බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සම්පූර්ණ උපාධි පාඨමාලා මෙහෙයවන මෙරට ප්‍රථම ආයතනය වන්නේ IIT ආයතනයයි.. වසර 4ක උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කරන මෙම උපාධිධාරීන් වරලත් තොරතුරු තාක්ෂණික වෘත්තිය සඳහා ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් සපුරාලන අතර BCS (MBCS) හි වෘත්තීය සමාජිකත්වයට පත්වෙති.

    වර්ෂ 1990 දී පිහිටුවනු ලැබූ ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය  තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය සඳහා  පිළිගත්   බ්‍රිතාන්‍ය උපාධි වැඩසටහන් මෙහයවූ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් සදහා සම්මාන දිනු මෙම විශ්ව විද්‍යාලය  එක්සත් රාජධානියේ University of Westminster සහ  Robert Gordon University  යනාදී විශ්ව විද්‍යාල හා සම්බන්ධවෙමින් කටයුතු කරයි. ගතවූ වසර 28 ක කාලය තුළ   මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට  ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින් ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය සිදුකර ඇති මෙහෙවර අති මහත් ය. මෙලෙස බිහිවූ උපාධිධාරීන් මේ වනවිට දේශිය හා විදේශිය මෙන්ම රාජ්‍ය හා පුද්ගලික ආදී අංශවල ප්‍රමුඛ වෘත්තිකයින් බවට පත්ව ඇති අතර ඇතැමුන්  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යවසායකයින් බවට පත්ව  සිටිති. මේ ආකාරයට මේ වනවිට ලොව පුරා රටවල් 250 ක පමණ ආයතන වෙත IITවිසින් උපාධිධාරීන් යොමු කර ඇත.