August, 31, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක පැමිණ ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් නිවේදනයක් හෙට (01) දිනයේ දී නිකුත් කිරීමට නියමිතව ඇති බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයේ සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර ඉන් පසුව ආධාර ලබන රටවල් සඳහා ඊට ප්‍රවේශය හිමිවනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් සහ මෙරට නියෝජිතයින් අතර සාකච්ඡාවක් පසුගිය සතියේ දී ආරම්භ වූ අතර එහිදී ජනාධිපති, මහ බැංකු අධිපති, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා පවත්වන ලදී.
මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමෙන් පසු එම වැඩපිළිවෙල ශ්‍රී ලංකාවට ණය දී ඇති ණය හිමියන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය (18) දා පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කර සිටියේය.
Video Story