• Ada Derana BIZ Sinhala
  • IMF agreement
  • Parliament
  • sri lanka

IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරෙන්නේ මෙහෙමයි

September, 23, 2022

IMF විධායක කමිටුවේ අනුමතිය ලැබුණු පසු ඒ පිළිබඳ අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා - කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගැනීමට නියමිත එකඟතාවය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විධායක කමිටුවේ අනුමතිය තවමත් ලැබී නොමැති බවත් එම අනුමතිය ලැබුණු පසු අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් කථානායකවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

IMF එකඟතා පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ මතු කළ කරුණ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් තවමත් කැබිනට් මණ්ඩලය දැනුවත් කොට නොමැති බවත් මේ පිළිබඳ සියලු තොරතුරු ලැබුණු පසු ඉක්මනින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තමාට පැවසූ බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එසේම මේ සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු අවශ්‍ය සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බවත් කථානායකවරයා නිවේදනය කළේය.