IMF තෙවන වාරිකය ලබාගැනීමට සපුරාලිය යුතු කොන්දේසි මෙන්න

    October, 17, 2017

    • නව දේශීය ආදායම් පනතෙහි දායකත්වය සහිතව 2018 රජයේ අයවැය මගින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩව පවත්වාගත යුතුය.

    • උද්ධමනය සහ ණය වර්ධනය මත වන පීඩනය කෙරෙහි මුදල් ප්‍රතිපත්තියෙහි අවධානය තවදුරටත් යොමුවිය යුතුය.

    • අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා සහ සැමට ප්‍රතිලාභ දෙන වර්ධනයක් තිරසාරව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

    කොළඹ දී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුර දී බලධාරීන් සමග සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරුව ජා්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම විසින් වොෂින්ටන් නුවර දී පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

    “බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම තුළින් ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි තෙවන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම එකගතාවයකට එළඹුණි.

    “බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම තුළින් ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි තෙවන සමාලෝචනය පිළිබඳ හ්‍රී ලංකා බලධාරීන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම එකඟතාවයකට එළඹුණි.“

    “2017 වසරේ දෙසැම්බර් මාසයේ දී තෙවන සමාලෝචනය අවසාන කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලැබෙන වැඩසටහනට අනුකූල වන පරිදි 2018 වර්ෂය සඳහා වන රජයේ අයවැය පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තුවට යොමු කර තිබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ 2018 වසර සඳහා වන රාජ්‍ය අයවැය මගින් ආදායම් ශක්තිමත් වීමෙහි දායකත්වය ද සහිතව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. උද්ධමනය සහ ණය වර්ධනය මත පීඩනය අවම කිරීම සඳහා මහ බැංකුව සූදානම්ව සිටිය යුතු අතර, විනිමය අනුපාතිකයේ නම්‍යශීලීත්වය අඛණ්ඩව පවත්වා ගත යුතුය.“

    “බලධාරීන් විසින් රටෙහි රාජ්‍ය මූල්‍ය තත්ත්වය වර්ධනය කරමින් සිටින අතර, ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කර තිබෙන නමුත් රජය සතු සංස්ථා අංශයෙහි ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදුවිය යුතුය. රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශවල අසමතුලිතතා කළමනාකරණය කර ගැනීමට සහ රජයේ සුභවාදී සමාජීය සහ සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩ ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. තරගකාරීත්වය නංවාලීම සඳහා ප්‍රයත්න දැරීම, සමාජ ආරක්ෂක වැඩසටහන් වැඩිදියුණු කිරීම සහ පෞද්ගලික අංශයේ සංවර්ධනය වැඩිදියුණු කිරීම, ආර්ථික වර්ධනය වඩා වඩා ශක්තිමත් හා පරිපූර්ණ කිරීම සඳහා වැදගත් වනු ඇත.“