INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් අගයයි

    January, 28, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගමේ වසර 20 කට අධික කාලයක් සේවය කළ සේවක සේවිකාවන් ඇගයීම පසුගිය දා සිදුකෙරිණි.  INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ම සංවිධානය කළ මෙම සම්මාන උළෙල 2021 නොවැම්බර් 26 වන දින හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හෝටලයේ යුනියන් බෝල්රූම් හි දී සියලු ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.  පවතින වාතාවරණය අනුව මෙවර සම්මානලාභීන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට  මෙම උත්සවය සඳහා   සහභාගී වීමේ අවස්ථාව නොලැබුණු අතර, ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ  සජීවීව ඒහා සම්බන්ධ වීමේ අවස්ථාව හිමි විය. මෙම සම්මාන උළෙලේ දී INSEE සිමෙන්ති සමාගමේ ජ්‍යේෂ්ඨ සේවක සේවිකාවන් 20 දෙනෙකු ඇගයීමට ලක් වූ අතර, එහි දී ඔවුන්ට රන් පවුම බැගින් පිරිනැමිණි.  සම්මානලාභී සේවක සේවිකාවන්ගෙන් 19 දෙනෙකු වසර 21 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, එක් සේවකයකු INSEE සිමෙන්ති සමාගමේ  වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. INSEE සිමෙන්ති සමාගමේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවෙහි 12 දෙනෙකු, රුහුණු සිමෙන්ති කර්මාන්තශාලාවෙහි 4 දෙනෙකු සහ කොළඹ කාර්යාලයට අනුයුක්තව සේවය කරන 4 දෙනෙකු මෙසේ සම්මාන ලබා ගත්හ.

    මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා පැවසුවේ මෙවන් අදහසකි. "ඉතා දක්ෂ හා පළපුරුදු සේවක මණ්ඩලයක් අපට සිටිනවා.  දශක 5කට වැඩි කාලයක්  ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ඔවුන් සිදු කළ කැපවීම ඉතා විශේෂයි. INSEE සිමෙන්ති සමාගම පිරිණැමූ ජ්‍යෙෂ්ඨත්ව සම්මාන මගින් මෙම ජ්‍යේෂ්ඨ සේවකයින් පිළිබඳව සමාගම තුළ තිබෙන පිළිගැනීම සහ ගෞරවය සංකේතවත් කරනවා.  ඔවුන්ගේ කැපවීම සහ ආයතනයට ඇති පක්ෂපාතීත්වය ඇගයීමට ලක් කිරීමට හැකි වීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේ ම INSEE සිමෙන්ති සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින ඔවුන්ගේ අනාගතය වඩාත් ස්ථාවරයි කියන කරුණ මට විශ්වාසයෙන් පැවසිය හැකියි."

    මෙවර, නිෂ්පාදන, ඇසුරුම්කරණ, අලෙවිකරණ, ප්‍රසම්පාදන හා සැපයුම්, නඩත්තු සහ තත්ත්ව සහතික යන අංශවල සේවයෙහි නියුතු සේවක සේවිකාවන්  INSEE ජ්‍යෙෂ්ඨත්ව සම්මානයෙන් පිදුම් ලැබූ අතර, සභාවේ සිටි පිරිස අමතමින් නවාරෝ මහතා මෙලෙස ප්‍රකාශ කළේය. “INSEE සිමෙන්ති සමාගම සතු ප්‍රධානතම ශක්තිය සහ අභිමානය තමයි අපගේ සේවක සේවිකාවන්. ඔබ සැම දෙනා තුළ පවතින විනය වගේ ම ඔබ සැම සෞඛ්‍ය  රෙගුලාසි නියමාකාරයෙන් පිළිපැදීම නිසා මෙවැනි අභියෝගාත්මක කාල වකවානුවක දී පවා මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණු බව සිහිපත් කිරීමට කැමතියි. සම්මානලාභී ඔබගේ වටිනා දායකත්වයට වගේ ම තම ආදරණීයයන්ගේ ජයග්‍රහණය සැමරීමට මෙහි පැමිණ සිටින ඔබටත් ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේ ම ඔබගේ නොසැලෙන කැපවීම, ඔබගේ ජ්‍යෙෂ්ඨත්වය තුළින් මනාව පිළිබිඹු වන බවත්, ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය කරුණක් බවත් පැවසීමට කැමතියි.”

    INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම  INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් 'හරිත  සහතිකය' හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් වඩාත් ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම සමාගම ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.