INSEE Ecocycle සිය 21 වන සංවත්සරය සමරමින් අනුරාධපුර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

    April, 16, 2024

    පිරිසිඳු හා හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන, මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocycle  සමාගම විසින් 2024 මාර්තු 21 වන දින, සිය සාඩම්බර 21 වන සංවත්සරය සමරන ලදී.  මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන් INSEE Ecocycle කණ්ඩායම විසින් අනුරාධපුර මහ නගර සභාව, පාසල් සිසු සිසුවියන්, රතු කුරුස සංවිධානය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් සමඟ එක් ව ඓතිහාසික අනුරාධපුර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

    මෙම වැඩසටහනට සමගාමී ව අනුරාධපුර නගර සභාව හා එක් ව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ද ක්‍රියාත්මක කෙරිණි.  INSEE Ecocycle සමාගමේ ආයතනික සමාජ සත්කාරක  (CSR) වැඩසටහන් මාලාවේ කොටසක් වන අනුරාධපුර නගරය  පිරිසිදු කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු තෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

    2003 වසරේ ආරම්භ කෙරුණු  INSEE Ecocycle සමාගම අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය ආශ්‍රිතව නවෝත්පාදනයන් හඳුන්වා දෙමින් විශිෂ්ටත්වයට පත් වී ඇති අතර,  එම සමාගම මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික හවුල්කරුවන් මෙන් ම ප්‍රතිචක්‍රීකරණ හවුල්කරුවන් ඇතුළු පාරිභෝගිකයින් 1,500කට අධික සංඛ්‍යාවක් සමඟ අත් වැල් බැඳ ගනිමින් වර්තමානය වන විට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1කට අධික ප්‍රමාණයක් සාර්ථක ලෙස කළමනාකරණය කර ඇත.  සමාගමේ ගමන් මඟ පිළිබඳ ව අදහස් දක්වමින්,  INSEE Ecocycle හි සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා , “INSEE Ecocycle කියන්නෙ පසුගිය වසර 21 තුළ අප හා බැඳුණු සියලු ම පාර්ශ්වයන්ගේ කැප වීමේ ප්‍රතිඵලයක්. INSEE Ecocycle සමාගමේ 21 වන සංවත්සරය අර්ථවත් ලෙස සැමරීම වෙනුවෙන් ඓතිහාසික අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමට කටයුතු කිරීම තුළින් පිරිසිදු හා හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹු කරනවා."  යනුවෙන් ප්‍රකාශ කළේය.

    2011 වසරේ සිට, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි නාගරික ඝන අපද්‍රව්‍ය සහ  දිරාපත් නොවන ප්ලාස්ටික් හා පොලිතින් වැනි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 30,000කට වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බැහැර කරමින්,  ශ්‍රී ලංකාවේ ජාතික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිත කළමනාකරණ ගැටලු විසඳීම වෙනුවෙන් INSEE Ecocycle සමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.  වර්තමානය වන විට INSEE Ecocycle සමාගම මෙරට පළාත් පාලන ආයතන 100කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳ ගනිමින්, සිය සහ-සැකසුම් කසළ කළමනාකරණ සේවාව හරහා මාසිකව වර්ග කරන ලද නාගරික ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1500කට අධික ප්‍රමාණයක් පරිසරයට හානියක් නොවන අයුරින් බැහැර කිරීමට සමත් වී ඇත. එමෙන් ම මෙම ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය, ආර්ථික වර්ධනය සහ පරිසර දූෂණය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් අවම කිරීම ආදී වශයෙන් සාමාජීය ප්‍රතිලාභ රැසක් ලබා දීමට ද INSEE Ecocycle සමාගම සමත් වී ඇත.

    කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයට අමතරව, INSEE Ecocycle සමාගම, භාවිත කරන ලද ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මෙරට මහා පරිමාණ නිෂ්පාදන සමාගම් වෙත සිය සේවය ලබා දෙයි. එමෙන් ම නාගරික ඝන අපද්‍රව්‍ය (MSW) එකතු කිරීමේ සිට ආරක්ෂිත ව බැහැර කිරීම දක්වා පුළුල් සේවාවක් ලබා දෙන INSEE Ecocycle සමාගම සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම ආදී අංශ ප්‍රවර්ධනය කිරීම සහ ඒ සම්බන්ධ ව පළාත් පාලන ආයතනවල නිලධාරීන් හා අපද්‍රවය එක්රැස්කරන සහ වර්ගීකරණය කරන සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ද ආයෝජනය කරයි

    සහ කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය බැහැර කිරීම වැනි ජාතික මට්ටමේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති කිහිපයකට ම සිය දායකත්වය ලබා දී ඇත.