InterContinental කාමර 307 ක හෝටලයක් සමගින් ශ්‍රී ලංකාවට

    July, 18, 2018

    ලොව ප්‍රමුඛතම හෝටල් සමාගමක් වන InterContinental Hotels Group (IHG) සහ මෙරට Pearl Grand Tower Hotel, කළමනාකරණ ගිවිසුමකට එළඹ තිබේ.

    මෙම ගිවිසුමට අනුව කාමර 307 කින් සහ suites  47 කින් සමන්විත සුඛෝපභෝගී හෝටලයක් කොළඹ 03 දී ඉදිවන අතර 2019 වසරේ දී මෙම හෝටලය අමුත්තන් සඳහා විවෘත වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී.

    කොළඹ 03 ගාලු පාරට යාබදව ගොඩනැගෙන මෙම හෝටල් පරිශ්‍රය වර්ග අඩි 480,000 ක වපසරියකින් යුක්තය. එසේම වර්ග අඩි 12,000 ක් ඉක්මවූ උත්සව ශාලා පහසුකම්වලින් ද එය සමන්විත වේ.