IORA සාමාජික රටවල් අතර අවබෝධතා ගිවිසුමක්

    April, 5, 2017

    2016 අප්‍රේල් මස 11-13 දිනවලදී, ඩුබායිහිදී පැවති ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල්වල සංගමයේ ආර්ථික හා ව්‍යාපාරික අමාත්‍යවරුන්ගේ දෙවන සමුළුවේදී, සාමාජික රටවල් අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කරනු ලැබ තිබේ.

    සාමාජික රටවල්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතර සබඳතා වර්ධනය වීමත්, සුදුසු තාක්ෂණ සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට ඉඩ සැලසීමත් මෙම ගිවිසුමට එළඹීම මඟින් ලැබෙන ප්‍රතිලාභ වේ.

    ඒ අනුව, මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.