• Ada Derana BIZ Sinhala
  • India
  • iphone
  • sri lanka

iPhone කර්මාන්ත ශාලාවක් ඉන්දියාවට

September, 10, 2022

ඉන්දියාවේ Tata Group විසින් Apple iPhone  එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව Bloomberg News වාර්තා කර සිටින්නේ Tata Group සහ තායිවානයේ iPhone සැපයුම්කරු වන Wistron Corp සමඟ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති  බවයි.

Apple, Tata Group හෝ Wistron යන සමාගම්වලින් කිසිවකුත් මේ දක්වා නිල වශයෙන් අදාළ ව්‍යාපාර සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වා නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.