IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සැප්තැම්බර් 4 දා

    August, 25, 2017

    2018 සිට 2022 දක්වා වසර 5 කත කාලසීමාවක් සඳහා වන IPL ක්‍රිකට් තරඟාවලියේ මාධ්‍ය හිමිකම් පැවරීම වෙනුවෙන් පැවැත්වීමට තිබූ වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් 4 වන දා පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ESPNcricinfo පවසයි.

    ඉන්දියානු මෙන්ම ජාත්‍යන්තර සමාගම් ද ඇතුළුව සමාගම් 24 ක් මේ වන විට මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන බව දැනුම් දී ඇත.

    රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය හරහා සිදුකෙරෙන විකාශන කටයුතුවලට අදාළව මෙම වෙන්දේසිය පැවැත්වෙනු ලබන අතර ලොව ඩිජිටල් මාධ්‍ය දැවැන්තයින් වන Facebook, Amazon, Twitter, Yahoo ඇතුළු සමාගම් ගණනාවක් වෙන්දේසියට අදාළ ලංසු ලේඛන ලබා ගෙන ඇති බව වාර්තා වේ.

    පසුගිය වර IPL ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට Sony Pictures Network India සමත් වූ අතර ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය ලබා ගෙන තිබු‍ණේ Star India විසිනි. මෙම විකාශන අයිතීන් දෙකම 2017 IPL තරඟ මාලාව නිම වීමත් සමඟම අහෝසි වී තිබේ.

    මෙවර IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී ඇති සමාගම් 24 පහත පරිදි වේ.

    Followon Interactive Media

    Taj TV India

    Star India

    Sony Pictures Networks

    Times Internet

    Supersport International

    Reliance Jio Digital Services

    Gulf DTH

    GroupM Media India

    BeIN IP

    Econet Media

    Sky UK

    BTG Legal Services

    BT PLC

    Amazon

    Facebook

    Twitter

    ESPN Digital Media

    Discovery

    Airtel

    BAM Tech

    Yupp TV

    DAZN/ Perform Group

    Yahoo