ISO 27001:2013 සහතිකය සමඟ HNB තොරතුරු තාක්ෂණික සුරක්ෂිතබව පිළිබඳව ඉහළම ගෝලීය ප‍්‍රමිතිය හිමිකර ගනී

    February, 26, 2020

    ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNBඊ සිය තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත් සමඟ ගෝලීය වශයෙන් තොරතුරු සුරක්‍ෂිතතාව සඳහා වන ඉහලම ප‍්‍රමිතිය වන ISO 27001:2013 සහතිකය දිනා ගැනීමට සමත් වූ බව නිවේදනය කර ඇත. එය බැංකුවේ තාක්ෂණික පරිණාමයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.

    HNB සියලූම තොරතුරු පද්ධතීන් හා ක‍්‍රියාපාටීන් ගෝලීය හොඳම භාවිතයන්ට අනුකූලව දැඩිව පවත්වාගෙන යනු ඇත. එමගින් පාරිභෝගික සුරක්ෂිතතාව ඉහළම මට්ටමෙන් සහතික කෙරේ.

    ‘‘තොරතුරු සුරක්‍ෂිතතාවය සෑම විටම බැංකු ක්ෂේත‍්‍රයට අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් ඩිජිටල්කරණය කරන ලද සේවා පෙළක් වැඩියෙන් තෝරා ගනිමින් ඉන්නා මොහොතක, අපගේ ක්ෂේත‍්‍රය සෑම විටම ඩිජිටල්කරණයට වඩා ඉදිරියෙන් සිටීම අත්‍යවශ්‍ය බව අප දැන් විශ්වාස කරනවා.’’

    ‘‘අපගේ නව ජංගම පසුම්බිය, HNB SOLO වැනි නිෂ්පාදන ඇතුළු ඩිජිටල් නවෝතපාදනයන් පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීම HNB හි කාර්යභාරයයි. තොරතුරු සුරක්ෂිතතාවය පිළිබඳ ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැස්සවීම, HNB සඳහා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය බව අපට හැඟුනා. මූල්‍ය තොරතුරු හා දත්ත සුරක්ෂිතතාවය සඳහා ISO සහතිකය ලත් තොරතුරු තාක්ෂණ සංවිධානයක් ලෙස අපි ගෝලීය තොරතුරු තාක්ෂණයේ හොඳම භාවිතයන් පවත්වා ගෙන යනු ඇති බව අපට විශ්වාසයි’’ HNB ප‍්‍රධාන තොරතුරු නිළධාරී, රුවන් බක්මීදෙනිය මහතා පැවසුවේය.

    ක‍්‍රියාවලීන් ප‍්‍රමිති කිරීම හා ආරක්ෂාව වැඩි කිරීමට අමතරව මෙම සහතික කිරීම මගින් දැඩි නියාමක පරිසරයන්ට අනුගතවීමට බැඳී සිටින ආයතන ඇතුළුව ජාත්‍යන්තර පාර්ශ්ව සමඟ ව්‍යාපාර ක‍්‍රියාවලියක් ඇති කිරීමට HNB සතු හැකියාව ද වැඩි කෙරෙනු ඇත.

    ISO 27001:2013 සහතික කිරීම මගින් ක‍්‍රියාවලීන් ප‍්‍රමිතිකරණය කිරීමට හැකියාව ලැබෙන අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ස්ථිර ලෙස එයටම මුල්බැස ගත් වඩාත් ශක්තිමත් ආයතනික සංස්කෘතියක් ඇති කීරීම ද වැදගත්ය. එමඟින් ස්ථාපිත විධිවිධාන හා ක‍්‍රියාපටිපාටීන් සපුරාලීමට හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    HNB දැක්ම (HNB Vision 2020) පරිවර්තන වැඩසටහනේ කොටසක් ලෙස නව්‍ය ඩිජිටල්කරණ බැංකු විසඳුම් හා සේවාවන් හි HNB ප‍්‍රධාන අනුග‍්‍රාහකයෙකි. HNB SOLO හඳුන්වා දීමට අමතරව ශරීර යෝග්‍යතාවය හා සම්බන්ධ ඉතුරුම් නිෂ්පාදනයක් වන HNB FIT Savings Account හඳුන්වා දුන් ආසියාවේ පළමු බැංකුව ද හැටන් නැෂනල් බැංකුවයි. එමඟින් පාරිභෝගිකයින් වැඩියෙන් ව්‍යායාම කරන විට වැඩිපුර ඉතිරි කර ගැනීමට ඔවුන්ට හැකියාව ඇත.

    Business Today සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් අතර අංක 1 ව්‍යාපාරික ආයතනය ලෙස HNB නම් කරන ලද අතර වසර ගණනාවක් පුරා හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරි නැමූ ‘ශ‍්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව’ සම්මානය මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා‘CEO Leadership Achievement’ සම්මානය මගින් ද පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.

    මීට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති හැටන් නැෂනල් බැංකුව යුරෝමනී සඟරාව මගින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අඛණ්ඩව තුන්වන වරටත් නම් කරන ලදී. එමෙන්ම එක්සත් රාජධානියේ ප‍්‍රමුඛතම බැංකු සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද, ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර වානිජ්‍ය මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka) හා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම අගය කරන ලද සමාගම් 10’ අතරට ද HNB නම් කරන ලදී. HNB හි විශිෂ්ටතවය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් Top 100 Club පළමු ස්ථානයට පත් වීම දැක්විය හැකිය. පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.

    බියුරෝ වෙරිටාස් ලංකා හි ව්‍යාපාර සංවර්ධන විධායක - සහතික කිරීම හා පුහුණු කිරීම, මනේෂ් කේ. උමකාන්තන්, බියුරෝ වෙරිටාස් ලංකා වෙළෙඳ හා අලෙවි ප‍්‍රධානී, ගයාන් බාලචන්ද්‍ර, බියුරෝ වෙරිටාස් ලංකා සාමාන්‍යාධිකාරී, ශාන් නානායක්කාර, හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, HNB හි ප‍්‍රධාන තාක්ෂණික හා ඩිජිටල් නිළධාරී, රොහාන් බුල්ජන්ස්, HNB ප‍්‍රධාන තොරතුරු නිළධාරී, රුවන් බක්මීදෙනිය, HNB හි ආරක්ෂාව සහ සහතික කිරීම පිළිබඳ ප‍්‍රධානී, ප‍්‍රසාද් තෙන්නකෝන්, HNB තොරතුරු තාක්ෂණ පද්ධති හා අනුකූලතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, දේවා දේවසාගයම් යන මහත්වරු ඡායාරූපයේ වෙති.