IT Gallery, කොවිඩ්-19 වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහය වෙයි

    May, 26, 2020

    IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත පසුගියදා පරිත්‍යාග කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සභාපතිවරයාගේ කාර්යාලයේදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. පරිත්‍යාගයෙන් අනතුරුව, IT Gallery කණ්ඩායම විසින් එම කැමරාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ Premier Gateway පර්යන්තයෙහි ස්ථාපනය කිරීමෙන් ක්‍රියාවලිය අවසන් කරන ලදී

    මෙම පරිත්‍යාගය තුළින් COVID 19 වැළැක්වීමේ ප්‍රයත්නයන් සඳහා දායක වීමට IT Gallery අපේක්ෂා කරන අතර, මෙම උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාව ඔස්සේ, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට ගුවන් තොටුපල බලධාරීන්ට හැකියාව සැලසේ. කොවිඩ්- 19 ගෝලීය වසංගතය මුළු ලෝකයම කරදරයට පත්කර ඇති මොහොතක,‍් රටට සහයෝගය දැක්වීම සමාජ වගකීමක් ලෙස IT Gallery විශ්වාස කරයි. නූතන අවශ්‍යතාවන් අනුව වෙනස්වන තාක්ෂණය පිළිබඳ විශ්වාසය තබන සමාගමක් ලෙසින්, ලෝකයේ නවීනතම තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම මගින් ශ්‍රී ලංකාව බල ගැන්වීම පිළිබඳව IT Gallery නිරතුරු අවධානය යොමු කර තිබේ.

    සමාජ වගකීම් සහිත සමාගමක් ලෙස, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සහය වීම සඳහා නවීන තාක්‍ෂණික විසඳුම් හඳුන්වා දීමට අපගේ උපකාරය ලබා දෙනවා. සෑම දෙනාම, ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටින බැවින්, අප සැමගේ ආරක්ෂාව මේ මොහොතේ ඉතාමත් වැදගත්. ඒ වගේම, මෙම දුෂ්කර අවස්ථාව ජය ගැනීමට නම් අප එකිනෙකාට සහයෝගය දැක්වීමටත් කටයුතු කළ යුතුයි. රට ඉදිරියට පවත්වාගෙන යාම සහතික කරමින් ජනතාව ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වගකිවයුතු බලධාරීන් දක්වන කැපවීම පිළිබඳව ගෞරවය පළ කිරීමටත් අපි මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මෙවැනි කාර්යයන් තවදුරටත් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”  IT Gallery හි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා පැවසීය.

    මෙම උෂ්ණත්වමානක තාප කැමරාව ජාල වීඩියෝ රෙකෝඩරයක් (NVR) භාවිතා කරමින් වීඩියෝ දර්ශන ගබඩා කිරීම ඒකාබද්ධ කරන මුළුමන්ම ස්වාධීන තාක්ෂණික විසඳුමක් වන අතර, තාප කාච හා දෘශ්‍ය කාච යන කාච දෙකක් එමගින් සම්බන්ධ කරයි. තාප කාචය, 160x120 resolution සහිත ඉහළ සංවේදී තාප මොඩියුලයකින් යුක්ත වන අතර, ඔප්ටිකල් කාචයට 2688x1520, WDR සමග 4mp resolution පවතින අතර, එහි IR දුර 40m වේ. මින් පුද්ගලයන් 30 දෙනෙකුගේ උෂ්ණත්වය එකවර හඳුනාගත හැකි බැවින්, මෙම විශේෂිත කැමරාව උෂ්ණත්වමානයක් හා සසඳද්දී, ඉතාමත් කාර්යක්ෂම ය. මෙමගින් දෘශ්‍ය රූපය සහ තාප ප්‍රතිරූපය එකම තිරයක දැකීමේ හැකියාව ද පවතින අතර, පුද්ගලයින්ගේ මුහුණුවල සටහන් වූ දර්ශන මෙන්ම හඳුනාගත් උෂ්ණත්වයන්ද වැඩිදුර විශ්ලේෂණය සඳහා එහි ගබඩා වේ.

    පුද්ගලයෙකුගේ සමේ උෂ්ණත්වය හඳුනා ගැනීම සඳහා තත්පරයක් පමණක් ගත වීම වැනි ප්‍රධානතම වාසි මෙම කැමරාව මගින් සැලසෙන අතර, එය සම්බන්ධතා රහිත මිනුම් භාවිතා කරයි. අසාමාන්‍ය උෂ්ණත්වයක් ඇති පුද්ගලයෙකු හඳුනාගත් විගසම එහි අභ්‍යන්තර අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් දැනුම් දෙනු ලබන අතර, අනෙකුත් තාප ප්‍රභවයන් හේතුවෙන් ඇතිවිය හැකි ව්‍යාජ අනතුරු ඇඟවීම් කෘත්‍රිම බුද්ධිය මගින් අවම කරයි.

    “Hikvision උෂ්ණත්ව පරීක්ෂණ විසඳුම් 0.5C ක ඉහළ නිරවද්‍යතාවයක් සහතික කරන අතර ඒවා කියවීමේදී නිරවද්‍යතාවයක් සහතික නොකරන සන්නාමිත නාමයක් නොමැති උෂ්ණත්වමාන මෙන් නොව, ඉතාමත් විශ්වාසදායක හා පලදායක වෙනවා. සාමාන්‍යයෙන් උෂ්ණත්වමාන සම්බන්ධයෙන් කාලය අපතේ යාම, ස්වයංක්‍රීය නොවන ක්‍රියාකාරිත්වය හා දිගු පෝලිම් සහිත ස්ථාන සඳහා පලදායක නොවීම වැනි අවාසි පවතිනවා. Hikvision උෂ්ණත්ව පරීක්ෂණ විසඳුම් උෂ්ණත්වමාන සඳහා කදිම ආදේශකයක්. ඒවා පහසුවෙන් යෙදවිය හැකි අතර, ස්වයංක්‍රීයව ක්‍රියා කරනවා.” ඩිලන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

    Hikvision ශරීර උෂ්ණත්ව පරීක්ෂණ නිෂ්පාදන පෙළ අතරට, කෘත්‍රිම බුද්ධිය මගින් හඳුනා ගැනීම සිදු කරන, බ්ලැක්බොඩි ක්‍රමාංකනය සමග නිරවද්‍යතාව ± 0.5 ° C සිට ± 0.3 to C දක්වා වැඩි කළ හැකි, Bullet cameras හා Turret cameras මෙන්ම, පරිගණකයකට හෝ ස්මාර්ට් ජංගම දුරකතනයකට සම්බන්ධ කළ හැකි අතේ රැඳවිය හැකි කැමරා සහ  බහුවිධ පාරිභෝගික අවශ්‍යතා අනුව තැනින් තැනට ගෙන යා හැකි කැමරාද ඇතුළත් වෙයි. මෙම නිෂ්පාදන රෝහල්, පාසල්, කර්මාන්තශාලා, සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ ආදිය සඳහා සුදුසු වේ. නිෂ්පාදන සැපයීමෙහි පටන් සවි කිරීම දක්වා අලෙවියෙන් පසු හොඳම සේවාවක් සැපයීමටත්, දීප ව්‍යාප්ත හවුල්කරුවන් ජාලය හරහා වැඩිදුර සහය හා අලුත්වැඩියා සේවා සැපයීමටත් IT Gallery නිරතුරුවම බැඳී සිටියි.

    IT Gallery තොරතුරු තාක්ෂණ නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධයෙන් ලොව ප්‍රකට සන්නාමයන්හි නිෂ්පාදන බෙදා හරින ප්‍රමුඛතම සමාගමක් වන අතර, Hikvision නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ බලයලත් සමාගමද එය වෙයි. එමෙන්ම, EAST UPS හා බල නිෂ්පාදන, Pantum මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදන, Lenovo Desktop හා Notebook පරිගණක , A4 Tech පරිගණක උපාංග, G&G මුද්‍රණ යන්ත්‍ර උපාංග හා OCEAN මල්ටිමීඩියා නිෂ්පාදන ද ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීමේ බලය IT Gallery සතු වෙයි.