JKH සුපිරි හෝටලයේ ඉදිකිරීම් වැඩබිම කොන්ත්‍රාත්කරුවාට

    April, 28, 2014

    ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකිරීමට යෝජිත සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකරන ව්‍යාපෘති භූමිය කොන්ත්‍රාත්කාර සමාගම වෙත භාරදී තිබෙන බවත් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සඳහන් කර තිබේ.

    ව්‍යාපෘතියට අදාළව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යෘපෘති පනතට අදාළ ගැසට් නිවේදනය පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 650 ක් පමණ ආයෝජනය කිරීමට නියමිත අතර ඒ සඳහා ඩොලර් මිලියන 300 ක් පමණ සෘජු විදේශීය ආයෝජන ලෙස ලබාගැනීමට අදහස් කර ඇත.