JKH, හේමාස් සහ යුනයිටඩ් මෝටර්ස් හි, ශුද්ධ විදේශීය විකුණුම්

    March, 18, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු වලදී විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණා දැමූ අතර වාර්තා වූයේ රුපියල් මිලියන 61 ක ශුද්ධ විදේශීය විකුණුමකි.

    මේ අනුව, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 308 ක් වටිනා කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 369 ක් වටිනා කොටස් විකුණා දැමීය.

    මෙහිදී, ජෝන් කීල්ස් සමාගමේ රුපියල් 60 කත්, යුනයිටඩ් මෝටර්ස් සමාගමේ රුපියල් මිලයන 20 කත්, හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් මිලියන 04 කත් විදේශීය ශුද්ධ විකුණුම් වාර්තා විය.

    ශුද්ධ විදේශීය මිලදී ගැනීම් ටෙක්ස්චර්ඩ් ජර්සි සමාගමෙන් වාර්තා වූ අතර එම ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 17 කි.

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 67 කි.

    සමස්ත මිල දර්ශකය ඒකක 6.47 කින් පහළ ගොස් ඒකක 5,907.64 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 1.22 කින් ඉහළ ගොස් ඒකක 3,214.64 ක්වූ අතර වෙළඳ පොළ පිරිවැටුම රුපියල් 509.2 කි.

    අද ඒෂියා ඇසට් ෆයිනෑන්ස් කොටස් මිලියන 1.5 ක්ද, ජෝන් කීල්ස් කොටස් මිලියන 1.3 ක්ද ටෙක්ස්චර්ඩ් ජර්සි කොටස් මිලියන 1.2 ක්ද ගනුදෙනු විය.

    අද නෙස්ලේ කොටසක් රුපියල් 90.50 කින් පහළ ගොස් රුපියල් 1900 ක්ද, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්  කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 3.80 ක්ද, ට්‍රාන්ස් ඒෂියා කොටසක් රුපියල් 6.20 කින් පහළ ගොස් රුපියල් 76.00 ක්ද වූ අතර සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 3.30 කින් ඉහළ ගොස් රුපියල් 178.90 ක්ද ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.90 කින් ඉහළ ගොස් රුපියල් 220 ක්ද, කොමර්ෂල් බැංකු කොටසක් ශත 50 කින් ඉහළ ගොස් රුපියල් 115 ක්ද වී ඇත.