දුවෙක්ද? පුතෙක්ද? සැණකෙළියට එංගලන්තයම සීරුවෙන්

    May, 2, 2015

    ලෝකවාසී බෞද්ධයින් වෙසක් මංගල්‍යයට සූදානම් වෙද්දී සමස්ත බ්‍රිතාන්‍යයම තවත් රාජකීය දරු උපතක සතුට සැමරීමට සූදානම් වන බවත් එංගලන්තයේ විලියම් කුමරුගේ ප්‍රිය බිරිඳ කේට් මිඩ්ල්ටන් සිය දෙවන දරු උපත සිදුකිරීම සඳහා අද අළුයම රෝහල් ගතවූ බවත් වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි.

    කේට් කුමරිය මෙවර බිහි කරන්නේ පුතෙක්ද ? දුවෙක්ද ? යන්න පිළිබඳව එංගලන්ත වැසියන් ඕටටු පවා අල්ලමින් සිටින බවත් මෙම රාජකීය දරු උපත සැමරීමට එංගලන්ත වැසියන් සූදානමින් සිටින බවත් මෙම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    32 වැනි වියේ පසුවන විලියම් කුමරු සහ 33 වනවියේ පසුවන කේට් කුමරිය මෙවර උපදින්නේ පුතෙකුද දියණියදැයි නොදන්නා බවත් ඒ බව හඳුනාගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට ඇය සහභාගී නොවුණු බවත් වැඩිදුරටත් වාර්තා වේ.