‘Lady Martine‘ ලාෆ්ස් සමඟින් එක්වෙයි

    January, 5, 2017

    ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (පුද්) සමාගම විසින් තවත් ද්‍රැවීය පෙට්‍රොලියම් ගෑස් ප්‍රවාහන නෞකාවක් මිල දී ගෙන තිබේ.

    අද (05) දින මිල දී ගෙන ඇති මෙම නෞකාව Lady Martine නමින් හැඳින්වෙන අතර මෙය ශ්‍රී ලංකා ධජය යටතේ ‘Gas Courage‘ ලෙස යළි නාමකරණය කරනු ලබන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර සිටී.

    මෙම ගෑස් ප්‍රවාහන නෞකාව මිල දී ගැනීම සඳහා ලාෆ්ස් මැරිටයිම් සර්විසස් විසින් ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.875 කි.