October, 18, 2019
Laugfs සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Laugfs Power ලිමිටඩ්, හඳුන්වා දීමේ (Introduction) ක්‍රමවේදයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිතය.
මේ අනුව Laugfs Power ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 335 ක් හා ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් මිලියන 52 ක් ලැයිස්තුගත කෙරෙනු ඇත.
2019 මාර්තු 31 දිනට Laugfs Power ලිමිටඩ් හි ප්‍රකාශිත ප්රාග්ධනය රු. බිලියන 1.88 කි.
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා Laugfs Power ලිමිටඩ් හි විධායක සභාපතිවරයා වන අතර තිලක් ද සිල්වා මහතා විධායක කළමනාකාර අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. එච්. ඒ. ආරියරත්න (ස්වාධීන නොවන, විධායක නොවන), පී.එම්.බී. ප්‍රනාන්දු (ස්වාධීන, විධායක නොවන), එන්.එම්. ප්‍රකාශ් (ස්වාධීන, විධායක නොවන) මෙහි සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වේ.
Laugfs Power ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස්වලින් 74.02% ක හිමිකාරීත්වය LAUGFS Holdings Limited සතුවන අතර එහි 17.28%ක හිමිකාරීත්වය සේවක අර්ථසාධක අරමුදල සතුව පවතී. එසේම ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්වලින් 34.69%ක හිමිකාරීත්වය ද සේවක අර්ථසාධක අරමුදල සතු වේ.
සමාගමේ කොටස්කරුවන් පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.


Video Story