LOLC සභාපති රාජා නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

    March, 23, 2017

    ලංකා ඔරික්ස් ලීසිං සමූහයේ (LOLC) සභාපති රාජා නානායක්කාර මහතා පසුගිය අඟහරුවාදා (21) සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට නානායක්කාර මහතා 77 වැනි වියෙහි පසුවිය.

    මෙරට මෝටර් රථ ආනයන කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනයක් වූ ඉෂාර ට්‍රේඩර්ස් හි නිර්මාතෘවරයා වූ ඔහු ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සමාරම්භක සභාපතිවරයා ද විය.

    ඉෂාර වැවිලි (පුද්) සමාගම, ඉෂාර ප්‍රොපර්ටි ඩිවලොපර්ස් සමාගම්වල සභාපතිවරයා ද වූ රාජා නානායක්කාර මහතා බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී හා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරන ලදී.