LRT ඉදි කිරීමට ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්

    March, 22, 2017

    ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අනුග්‍රහයෙන් ඉදි කිරීමට නියමිත කොළඹ කොටුව සිට බම්බලපිටිය හා බොරැල්ල හරහා මරදාන දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය (LRT) හා බොරැල්ල සිට මාලඹේ දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම, එම මාර්ග පද්ධති නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.