මැරෙන එකත් ලේසි නෑ- මැලේසියානු ගුවන් අනතුරෙන් හෙළිවන කතාවක්

    July, 21, 2014

    මරණය සිදුවන්නේද යම් කිසි සිද්ධාන්තයකට අනුවැයි කියාපාන සිදුවීමක් පසුගියදා සිදුවූ මැලේසියානු ගුවන් අනතුර සමග වාර්තා වී තිබේ.

    මෙහි කතා නායකයා Maarten de Jonge නැමති පා පැදි ධාවන ශූරයෙකි. ඔහු පසුගියදා අතුරුදන්වූ MH370 සහ පසුගියදා කඩා වැටුණු MH17 යන මැලේසියානු ගුවන් යානා දෙකේම ගමන් කිරීම සඳහා ඉතාමත් වෙහෙසක් ගත් අයෙකි. ඔහු විසින් මෙම ගුවන් ගමන් දෙක සඳහාම ටිකට් පත් මිලදීගෙන තිබෙන අතර අහම්බයෙන් ඒ ගමන් දෙකම ඔහුට සිදුකිරීමට නොහැකිවී තිබේ.

    ඔහුගේ ට්විටර් පණිවුඩ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තමන් දෙවරක්ම මරණයෙන් ගැලවුණු බව හෙතෙම සඳහන් කර තිබෙන බවයි.

    අතුරුදන්වූ ගුවන් යානයේ සිටි මගීන් 227 දෙනා සහ කඩා වැටුණු ගුවන් යානයේ සිටි මගීන් 298 දෙනා පිළිබඳව Maarten de Jonge සිය කණගාටුව පළකර තිබේ.

    සේයාරුවේ සිටින්නේ පා පැදි ශූර Maarten de Jonge ය.