පිරිමි තනපට (Man-Bra) ජනප්‍රිය වන ලකුණු

    August, 12, 2014

    කාලයෙන් කාලයට එක එක විලාසිතා එයි. දැන් කාන්තාවන්ට නොදෙවෙනි ලෙස පිරිමින්ද විලාසිතා මැවීමට පුරුදුවී සිටී. මේ කතාව තරමක් අමුතු කතාවකි. වාර්තා වන්නේ ජපාන වෙළඳ පොළේ මේ වනවිට පිරිමි තනපට (Man-Bra) ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින බවයි.

    මෙම මාධ්‍ය වාර්තා කියන විදිහට ලෝකයේ මුල්ම පිරිමි තනපට (Man-Bra) විකිණීම මේ අනුව ඇරඹෙන්නේ ජපානයෙනි.
    මස් එල්ලෙන සිරුරු සහිත තරබාරු පිරිමින් වෙනුවෙන් මෙම නිෂ්පාදනය කර තිබෙන බවත් ඔවුන්ගේ පෙනුම කඩවසම් කර ගැනීමට මේ තුළින් හැකියාව තිබෙන බවත් සඳහන්ය.

    ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙම පිරිමි තනපට (Man-Bra) Kaku Nishioka යන නාමයෙන් ටෝකියෝ නුවර අලෙවි කෙරේ.

    අනාගතයේදී මේවා ලංකාවටත් එන්න පුළුවන්.

    සේයාරුවේ දැක්වෙන්නේ පිරිමි තනපට (Man-Bra) නිපදවන ඉන්දියානු කර්මාන්ත ශාලාවකි.