MA’s කුකින් ස්ටුඩියෝ වෙතින් මෙරට ආහාරලෝලීන්ට ජපන් ආහාර වේලක්

    June, 15, 2016

    මෙරට ප‍්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන MA’s Tropical Food Processing රසවත්ව හා පහසුවෙන් විවිධාකාරයේ නව ආහාර වර්ග පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳ නිරන්තරයෙන් සිය පාරිභෝගික භවතුන් දැනුවත් කිරීමට කටයුතු කරයි.

    මෙහි සුවිශේෂී පියවරක් ලෙස රසවත් ජපන් ආහාරවේලක් පිළියෙල කරගැනීමට කියාදුන් ඉවුම් පිහුම් වැඩසටහනක් Ma’s Gourmet Shop පරිශ‍්‍රයේ පිහිටි MA’s කුකින් ස්ටුඩියෝ හි දී පසුගියදා පැවැත්වුණි. මෙරට ආහාරලෝලීන්ට ආසියානු ආහාරපාන වල සුවිශේෂතා පිළිබඳ මෙන්ම විවිධත්වයෙන් අනූන ජපන් ආහාරවේලක් සිය නිවසේදීම පිළියෙළ කරගන්නා ආකාරය කියාදුණි.

    අකියෝ ටමේ හා දිනුක පෙරේරා මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදුන් අතර මේ අවස්ථාවට සහභාගී වී සිටි ආහාරලෝලීන් මෙන්ම ඉවුම් පිහුම් වලට ඇළුම් කරන පිරිස සමග අදහස් හුවමාරු කරගැනීමට ද ඔවුහු අමතක නොකළහ. චිකන් කරේජ්, ටොනක්ට්සු, කරි නූඞ්ල්ස්, කරි රයිස් හා එබි ෆ‍්‍රයි වැනි විවිධත්වයෙන් අනූන ජපන් ආහාර නිසිලෙස පිළියෙල කරගන්නා අයුරු මෙහිදී ඔවුන්ට කියාදුණි. ඔවුන් මෙහිදී ලබාගත් දැනුම හා කුසලතා ඔස්සේ ජපන් ආහාරවේලක් සිය නිවසේදීම පිළියෙල කර සිය ආදරණීයයන්ට පිළිගැන්වීමට හැකිවනු ඇත.

    මෙරට වෙළඳපලට ප‍්‍රමුඛ පෙළේ කාබනික ආහාර, කුළුබඩු හා තුනපහ මිශ‍්‍රණ ඉදිරිපත් කරන Ma’s Foods ගුණාත්මක ප‍්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන කටයුතු සිදුකරයි. Ma’s Foods දියත් කළ මෙම වැඩසටහන, ගුණාත්මක බවින් ඉහළ කුළුබඩු යොදාගනිමින් ඉවුම් පිහුම් දක්ෂතා මැනවින් පිළිබිඹු කෙරුණු අවස්ථාවක් විය.

    ‘‘මෙම වැඩසටහන මගින් MA’s පවුලේ පාරිභෝගිකයින්ට රසවත් ජපන් ආහාරවේලක් පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳ කියාදීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ අවස්ථාවට සහභාගී වූ සියලූදෙනාටම නිසැකවම ඔවුන්ගේ මුළුතැන්ගේ තුළදී සෞඛ්‍යසම්පන්න හා රසවත් ආහාරපාන පිළියෙල කරගැනීමට මහගු පිටුබලයක් හිමිවනු ඇත.’’ Ma’s Foods සමාගමේ සන්නිවේදන කලමනාකාරිනී හා මුළුතැන්ගේ ත්‍රෛයිමාසික සඟරාවේ සංස්කාරකවරිය වන සාරා ද අල්විස් මහත්මිය පැවසුවාය.