ෂාරුක්ගේ සල්ලි ගොඩක පෙරළෙන ජීවිතේ හෙළිවෙයි

    May, 29, 2014

    සිංගප්පූරුව පදනම් කරගත් Wealth-X  නැමති වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබෙන නවතම දත්ත වලට අනුව ඉන්දියානු සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ වත්කම හොලිවුඩ් නළු ටොම් කෘස්ගේ වත්කමද අභිබවා යන අතර ෂාරුක් ලොව දෙවන ධනවත්ම නළුවා බව හෙළිකර තිබේ.

    මෙම දත්ත වලට අනුව ඩොලර් මිලියන 820 ක වත්කම් වලට හිමිකම් කියන හොලිවුඩ් නළු Jerry Seinfeld ලොව ධනවත්ම නළුවා වන අතර ෂාරුක් ලොව දෙවන ධනවත්ම නළුවා බවට පත්ව තිබෙන්නේ ඩොලර් මිලියන 600 ක වත්කමකට හිමිකම් කියමිනි.

    ලොව තෙවන ධනවත්ම නළුවා වන ටොම් කෘස්ගේ ධනයේ වටිනාකම ඩොලර් මිලියන 480 ක් වනබව සඳහන්ය.

    ලොව ධනවත්ම නළු නිළියන් දස දෙනාගේ ලයිස්තුව පහත දක්වා ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙහි එකම නිළියක් හෝ නොසිටීමයි.

    1.Jerry Seinfeld, 60, $820 million
    2. Shah Rukh Khan, 48, $600 million
    3. Tom Cruise, 51, $480 million
    4. Johnny Depp, 50, $450 million
    4. Tyler Perry, 44, $450 million
    6. Jack Nicholson, 77, $400 million
    7. Tom Hanks, 57, $390 million
    8. Bill Cosby, 76, $380 million
    9. Clint Eastwood, 83, $370 million
    10. Adam Sandler, 47, $340 million