MyDeal.lk නවතම ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේ දී විවෘත කෙරේ

    June, 19, 2016

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් වන MyDeal.lk හි නවතම ප‍්‍රදර්ශනාගාරය පසුගියදා අංක 740, ගාලූ පාර, කොළඹ 04 ලිපිනය දරන ස්ථානයේදී විවෘත කරන ලදි. මෙම ස්ථානය බම්බලපිටිය මංසන්ධියේම පිහිටා ඇති නිසා මෙයට ගාලූ පාර, ඩුප්ලිකේෂන් පාර, බෞද්ධාලෝක මාවත සහ මරීන් ඩ‍්‍රයිව් යන මාවත් සියල්ලෙන්ම ඉතා පහසුවෙන් ළඟා විය හැකි වේ. මෙම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    උත්සවයේදී අදහස් දැක්වූ MyDeal.lk ප‍්‍රධාන විධායක නිලධාරී කුමාර් මෙල්වානි මහතා පැවසුවේ ආරම්භයේ සිටම අඛණ්ඩ වර්ධනයක් අත්පත් කරගැනීමට MyDeal.lk සමත් වී ඇති බවයි. ”මේ ගමනට අපගේ පාරිභෝගිකයන්, හවුල්කරුවන් සහ මිතුරන් ඇතුළු සැමදෙනාගෙන්ම ලැබෙන සහයෝගයේ වටිනාකම වචනයෙන් කියන්නට බැරි තරම්! ඒ වගේම ඉතාමත් උනන්දුවෙන් හා කැපවීමෙන් අපගේ සාර්ථකත්වයට උරදී සිටින MyDeal.lk කාර්ය මණ්ඩලය අගය කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. එදා මෙදාතුර අප හා අත්වැල් බැඳගනිමින් අපගේ ගමනට නන් අයුරින් ශක්තියක් වූ සියලූම දෙනාට මගේ කෘතඥතාව මා මෙසේ පළකර සිටිනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    MyDeal.lk නව ප‍්‍රදර්ශනාගාරය සකස් කර ඇත්තේ පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් හිමිවන අයුරිනි. එමෙන්ම ප‍්‍රදර්ශනාගාරය භූමියේ වාහන නැවැත්වීම සඳහා විශාල ඉඩකඩක් පැවතීමද පාරිභෝගිකයන්ට විශාල පහසුවක් වනු ඇත. මේ වනවිට MyDeal.lk නිෂ්පාදන එකතුව වේගයෙන් පුළුල් වෙමින් පවතින අතර එම නිෂ්පාදන ඉතාමත් ආකර්ෂණීය ලෙස මෙම ප‍්‍රදර්ශනාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබේ. මේ සියල්ල නිසා පාරිභෝගිකයන් නැවත නැවතත් MyDeal.lk ප‍්‍රදර්ශනාගාරය වෙත ඇදී එනු නොඅනුමාන ය.

    අන්තර්ජාලය හරහා ලැබෙන ඇණවුම් සහ ප‍්‍රදර්ශනාගාරය තුළදී කෙරෙන මිලදීගැනීම් සඳහා වෙනම භාණ්ඩ ලබාගැනීමේ කවුන්ටර, භාණ්ඩ පරීක්ෂා කිරීමේ කවුන්ටර සහ ගෙවීම් කිරීමේ කවුන්ටර විවෘත කරමින් පාරිභෝගිකයන්ට කිසිදු අපහසුවකින් තොරව තම සාප්පු සවාරිය සිදුකිරීමේ අවස්ථාව ලබාදීමට MyDeal.lk කටයුතු යොදා ඇත. MyDeal.lk වෙතින් මිලදීගත හැකි භාණ්ඩ පිළිබඳව තොරතුරු මෙන්ම එහි සේවාවන් හා දීමනා ආදිය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර MyDeal.lk වෙත පිවිසෙන්න.