NAPPP වසා දමන්න තීරණය කරයි

    January, 16, 2020

    2017 වසරේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි පිහිටුවන ලද රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය (National Agency for Public Private Partnership -NAPPP), භාණ්ඩාගාර ලේකම් සම අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් සහිතව සහ 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයකින් යුක්තව මුදල් අමාත්‍යාංශයේ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.

    රජය විසින් සිය ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා කාර්යයන් ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බැවින් මෙම ඒකකය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ.

    ඒ අනුව එම ආයතනය වසා දැමීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් වෙත බලය පැවරීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ මෙම ඒකකයේ සභාපතිවරයා ලෙස තිලාන් විජේසිංහ මහතා කටයුතු කරන ලදී.