NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ අනාගත නායකයින් ගොඩනැංවීම උදෙසා EDEX Expo 2024 සමඟ සම්බන්ධ වෙයි

    February, 19, 2024

    NDB බැංකුව, ශ‍්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනයේ සහ සවිබල ගැන්වීමේ ප‍්‍රමුඛයා වන අතර, ජාතියේ තරුණ පරපුරෙහි අනාගත අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන්  බැංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරමින්, EDEX Expo 2024 ප‍්‍රදර්ශනය සමඟ සම්බන්ධ වන ලදී. කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පෙබරවාරි මස 9 වන දින සිට 11 වන දින දක්වා මෙම ප‍්‍රදර්ශනය පවත්වන ලදී.

    NDB බැංකුව සහභාගී වූ EDEX Expo 2024 ප‍්‍රදර්ශණයේ බොහෝ දෙනාගේ වැඩි අවධානයට පාත‍්‍ර වූයේ NDB බැංකුව තාරුණ්‍යය වෙනුවෙන්ම නිර්මාණය කළ NDB ZEE ඉතුරුම් ගිණුමයි. සාම්ප‍්‍රදායික බැංකු සේවා වලින් ඔබ්බට ගිය, ඩිජිටල් විශේෂාංග සමඟින් වැඩි දියුණු කළ මෙම NDB ZEE ගිණුම  වයස අවුරුදු 18 සිට 28 දක්වා තරුණ තරුණියන් සඳහාම නිර්මාණය කර ඇති අතර, තාරුණ්‍ය වෙනුවන් අසීමිත හැකියාවන් සහ අවස්ථාවන් රැසක් වෙනුවෙන් දොරටු විවර කරයි. NDB බැංකුවේ තාරුණ්‍යය සවිබල ගැන්වීමේ ඉදිරි දැක්ම සමඟ සමපාත වන මෙම නව්‍ය ගිණුම, තරුණ තරුණියන් සවිබල ගැන්වීම මෙන්ම අනාගත දියුණු ලෝකය තුළ විශිෂ්ඨත්වයට ළඟාවීම උදෙසා අවශ්‍ය කරන මෙවලම් රැසකින් ද සමන්විතයි.

    EDEX Expo ප‍්‍රදර්ශණ භූමියේ ඇති NDB බැංකුවේ "ZEE Spark" ප‍්‍රදර්ශණ කුටිය තාරුණ්‍යයේ අභිලාශයන් වලට සහාය වීම වෙනුවෙන්ම නිර්මාණය වී ඇත. බැංකුවේ මානව සම්පත් විශේෂඥයන් පැමිණි තරුණ තරුණියන්ට ගැලපෙන වෘත්තීය මාර්ගෝපදේශන සැසි මෙහෙයවු අතර, ඔවුන්ගේ වෘත්තීය අරමුණු කරා ළඟාවීමට අවැසි උපදෙස් ලබා දීම සිදුවිණි. ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ වෘත්තීය සංවර්ධනය ගොඩනැංවීම සඳහා බැංකුවේ ඇති කැපවීම මනා ලෙස විදහා පාමින් එහි පැමිණෙන්නන්ට නොමිලේම වෘත්තීය මාර්ගෝපදේශන සැසි සඳහා ලියාපදිංචි වීම සඳහා අවස්ථාව හිමිකර දී තිබීමද මෙහි සිදුවූ සුවිශේෂ කාරණාවකි.

    NDB බැංකුව, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ආයතන සමඟ හවුල්කාරීත්වයෙන් උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම් රැසක් හදුන්වා දී ඇත. මෙමඟින් සිසුන් හට ගුණාත්මක අධ්‍යාපනයක් වෙත ප‍්‍රවේශය සැලසීමට අමතරව ඒ සඳහා සූදානම් වන මූල්‍ය අපහසුතා ඇති සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට පහසුවක් සැලසීම බැංකුවේ මූලික අරමුණයි. එම කැපවීමේ තවත් පියවරක් ලෙස EDEX Expo ප‍්‍රදර්ශනය අතරතුර ලියාපදිංචි වන අයදුම්කරුවන් සඳහා සම්බන්ධවීමේ ගාස්තුව සහ, පළමු වසර සඳහා වාර්ෂික ගාස්තුවෙන් ද නිදහස් කරන ලද NDB  ක්‍රෙඩිට් කාඞ් පතක් නොමිලේ ලබාගැනීමේ  හැකියාව ලබා දී ඇත.

    NDB බැංකුව EDEX Expo ප‍්‍රදර්ශනය සමඟ සම්බන්ධ වීම ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යය සවිබල ගැන්වීමේ සහ ගොඩනැංවීමේ පෙරගමන්කරුවකු ලෙස ඔවුන්ගේ ස්ථාවරය නැවතත් තහවුරු කරයි. තවද, ජාතියේ ප‍්‍රමුඛ මූල්‍ය ආයතනයක් ලෙස NDB බැංකුව තාරුණ්‍යයේ හැකියාවන් පෝෂණය කිරීම, නවෝත්පාදන ගොඩනැංවීම සහ අනාගත පරම්පරාවේ නායකයින් සවිබල ගැන්වීම සඳහා සිය මෙහෙවර යළිත් තහවුරු කර සිටියි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වලදී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.