NDB ලීසිං සමඟ විශ්වාසයෙන් පැදයන්න

    April, 18, 2024

    NDB ලීසිං සිය නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහන වන "NDB ඔටෝ කානිවල්" පලමු ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.

    අප්‍රේල් 04 සිට අප්‍රේල් 05 දක්වා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී NDB බැංකුව පුළුල් පරාසයක ලීසිං විකල්පයන් හදුන්වා දෙමින් සහභාගිවුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන ලදී.

    මෙම ප්‍රවර්ධන ලීසිං වැඩසටහන අතරතුර, සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද ආපසු ගෙවීමේ යෝජනා ක්‍රම පිලිබඳ වැඩි දුර තොරතුරු දැන ගැනීමට අවස්ථාව සලසා තිබුණි. තවද, පාරිභෝගික ජනතාවට වාහනයක් සඳහා ලීසිං පහසුකම් ලබා ගැනීමේදී දැරිය හැකි මාසික වාරිකයන් හදුන්වාදෙමින්, ඇපකරුවන් නොමැතිව සහ අධික මුලික ගෙවීම් ඉවත්කරමින්  අමතර ප්‍රතිලාභ රැසක් ද සමඟින් වෙළඳපොලේ පවතින තරඟකාරී අවම පොලී අනුපාත යටතේ, NDB ලීසිං පහසුකම් ලබා ගැනීමට පහසුකම් සලසා තිබුණි.

    මීට අමතරව NDB ලීසිං සේවාවේ ප්‍රවීණයන් මෙම අවස්ථාවට පැමිණ, සිය පාරිභෝගිකයින්ට තීරණ ගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන දැනුවත් කිරීම් සහිත ලීසිං විශේෂඥ සේවාවන් ලබාදෙන ලදී. NDB ලීසිං හි ක්‍රමවත් ක්‍රියාවලිය සමඟින්, පාරිභෝගිකයින්ට අනවශ්‍ය ප්‍රමාදයන් මඟහරවා ගනිමින් ඔවුන් තෝරාගත් වාහනය එදිනම රැගෙන යාමේ පහසුව ද හිමි විය.

    NDB ලීසිං විසින් මෙම අවස්ථාව සඳහා DIMO, ලංකා අශෝක් ලේලන්ඩ් (Lanka Ashok Leyland), යුනිමො (Unimo) සහ අයිඩියල් මෝටර්ස් (IDEAL MOTORS) වැනි ප්‍රමුඛ පෙළේ වාහන අලෙවිකරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින්ට අවශ්‍යතාවයට ගැලපෙන පරිදී තෝරා ගැනීමට විශාල පරාසයකින් වාණිජ වාහන රැසක් ප්‍රදර්ශනයට එක් කරන ලදී.

    NDB ඔටෝ කානිවල් සමඟින් NDB ලීසිං සේවාව පාරිභෝගිකයින්ට පහසු ලීසිං අත්දැකීමක් ලබා දීමට සිය කැපවීම යලි තහවුරු කර ඇත.  “ඕනෑම නොම්මරේකට නොම්මර එකේ ලීසිං විසඳුම” ලෙසින් කීර්තියට පත් NDB ලීසිං සේවාව පාරිභෝගිකයින්ට සේවාවන් පහසුවෙන් ලබා දෙමින් වාහන හිමිකාරිත්වය පිළිබඳ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අඛණ්ඩව ශක්තියක් වනු ඇත.