NDB සහ DFCC බැංකු ඒකාබද්ධවීම අවසන් අදියරේ

    March, 8, 2014

    මෙරට බැංකු සහ මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ජාතික සංවර්ධන බැංකුව සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීම අවසන් අදියරට පැමිණ තිබෙන බව අනාවරණය වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙන්නේ පසුගිය ජනවාරි මාසයේදී නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුකූලව මෙම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවයි.

    මේ අතර, මෙරට ක්‍රියාත්මක විදේශීය බැංකුවල කළාපීය නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග මූල්‍ය අංශයේ ඒකාබද්ධවීම සම්බන්ධයෙන් මහ බැංකුව සාකච්ඡා පවත්වා තිබෙන අතර එහිදී එම බැංකු මෙරට ආර්ථික කටයුතු වලට වඩාත් සක්‍රීය ලෙස දායකවීමට පොරොන්දු වූ බව මහ බැංකුව කියයි.

    Video Story

    Stock Market

    Exchange Rates